Colombo Today Local News

ත්‍රස්තවාදීන්ට කුඩුකාරයින්ට මරණ දඬුවම දෙන්න සජිත් යෝජනා කරයි.. අලි සබ්‍රි විරුද්ධ ද? ප්‍රශ්න කරයි..

ත්‍රස්තවාදීන්ට සහ කුඩු කාරයින්ට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(22)දින පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රශ්න කර සිටියේ එය විපක්ෂ නායකවරයාගේ පුද්ගලික අදහස ද එසේත් නොමැතිනම් සමගි ජන බලවේගය අදහස ද යන්නයි.

මෙහිදී පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ තමාට පුද්ගලික අදහස් නොමැති බවයි.

නැවතත් අලි සබ්‍රි සඳහන් කර සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරු මරණ දඬුවමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බැවින් මෙය පක්ෂයේ අදහස ද යන්න පැහැදිලිව ප්‍රකාශ කරන ලෙසටයි.

එම අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දෙනවට විරුද්ධද? කුඩු කාරයින්ට විරුද්ධව මරණ දඬුවම දෙනවට විරුද්ධද? යැයි පෙරළා ප්‍රශ්න කර සිටියා…

Related posts

එජාප නව තනතුරුවට කෘත්‍යාධිකාරියේ අනුමැතිය.. විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨයා ඉවත්වෙයි…

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

colombotoday

“ගිලෙන නැවකට ගොඩ වෙන්න මට පිස්සු නෑ…”

colombotoday

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

Admin

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Admin

අවුරුදු සමයේ බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට

colombotoday