Colombo Today Local News

තහනම නොතකා නිකාබය ඇදන් ආ ගුරුවරියන් 10ක් විදුහල්පති ආපසු හරවා යවයි…

නිකාබය හැඳ සේවයට පැමිණි පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරියන් දස දෙනකු ආපසු හරවා යැවීමට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ඊයේ (07දා) උදෑසන අදාළ ගුරුවරියන් දස දෙනා පාසල වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන්ට පාසලට පැමිණීමට නොහැකි වන අයුරින් ගේට්ටුව වසා දමා ඇති අතර ඉන් අනතුරුව ගුරුවරියන් දස දෙනා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමු වී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

ආණ්ඩුකාරවරයා විසින් කලාප අධ්‍යක්ෂවරුන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර සාකච්ඡා අවසානයේදී එම ගුරුවරියන් දස දෙනා බස්නාහිර පළාතේ ගුරුවරුන් හිඟ වෙනත් පාසල් වෙත මාරු කිරීමට තීරණය කර ඇත.

Related posts

ගුටිකෙළි මැද GMOA වෛද්‍ය සභාවේ බලය අල්ලයි

colombotoday

ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

colombotoday

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මි. 28 ක ඖෂධ හා ශල්‍ය උපකරණ

colombotoday

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි

colombotoday

නාමල්ගේ GM සුජානි බෝගොල්ලාගමට ඇප.. රට ගමන් තහනම් !

colombotoday