Colombo Today Local News

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

ශ්‍රි ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ දර්ශන ඇතුළත් සී.ඩී පට 30ක් සමඟ සැකපිට මාතලේ රෝහලේ කණිෂ්ඨ සේවකයකු අද (16) අත්අඩංගුවට ගත් බව මාතලේ රෝහල් පොලිසිය කියයි.

සැකකරු මාතලේ උකුවෙල වරකාමුල ප්‍රදේශයේ පදිංචි බවත් මාතලේ දිසා රෝහලේ සේවයෙහි නියුතු පුද්ගලයකු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සී.ඩී පට සමඟ මහම්මත්තුමාගේ සහ යේසුස්වහන්සෙගේ රුව ඇතුළත් පොත් කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මාතලේ රෝහල් පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරු රැඳී සිටි රෝහල් කාමරයක තිබි මෙම සී.ඩීපට සහ පොත් සොයා ගත් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ මුලස්ථාන පොලිසිය සිදු කරයි.

Related posts

‘සංහිදියාවේ නාළිකාව‘ ජනවාරියේ උතුරෙන් වැඩ අරඹයි !

colombotoday

මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි !

colombotoday

රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !

colombotoday

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවයි.

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday