Colombo Today Local News

තව්හිද් සාමාජිකයන් ගැන පොලිසියට තොරතුරු දුන්නැයි නාවික සෙබළකු ඇතුළු තිදෙනකුට පහර දීලා

තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බව කියන හොරොව්පොතාන ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසකට එරෙහිව පොලිසියට තොරතුරු ලබා දුන් බවට චෝදනා කරමින් කැබිතිගොල්ලෑව ඇල්ලවැව ප‍්‍රදේශයේ නිවසක රාමසාන් උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබු සාදයක් අවසානයේ මුස්ලිම් ජාතික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ඇතුළු පුද්ගලයින් කීප දෙනකු එක්ව පෙරේදා (10 දා) රාත‍්‍රි සිදු කළ පහරදීමකින් මුස්ලිම් ජාතික නාවික හමුදා භටයකු ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇත.

සාදය නිමවී නිවසට යමින් සිටියදී දෙපාර්ශ්වය අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ඇල්ලවැව මුස්ලිම් පල්ලිය අසලදී මෙම පහරදීම සිදු කොට ඇත.

තිස්තුන් හැවිරිදි නාවික හමුදා භටයකු ,විසි හය සහ තිස් එක් හැවිරිදි පුද්ගලයින් තිදෙනකු මෙහිදී තුවාල ලබා ඇත. තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. 

මෙම පහරදීම සිදු කළ බව කියන පාර්ශවයේ අයකු වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි.

කැබිතිගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

“ජනපති මෛත්‍රීට නොබෙල් සාම ත්‍යාගය – මහින්ද කකුලෙන් ඇදීම නතර කළ යුතුයි“ – ජී එච් බුද්ධදාස

colombotoday

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

කැබිනට් සශෝධනය සිදුවෙයි.. ඇමතිධුර මාරු වූ 09 දෙනා මෙන්න

colombotoday

“ගිය ආණ්ඩුව මොනව හොරා කෑවත් අවුරුදු 10ක් පොහොර සහනාධාරය දුන්නා.. සල්ලි එපා පොහොර දියව්” – ගොවීන් විරෝධයේ

colombotoday

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday