Colombo Today Local News

තම ආසනය දිනාගන්න බැරිවුණ කෙනෙක් පක්ෂය ඉදිරියට ගෙනයන්න හදන එක මොන විහිළුවක්ද – රවී කරුණානායක

එක්සත් ජාතික පක්ෂයේ සමගිතාවය නැති කරන්න පිටස්තර පක්ෂ වලින් ප්‍රශ්ණ ඇති වී ඇති බවත් තම ආසනය හෝ දිනාගන්න බැරිවුණ කෙනෙක් පක්ෂය ඉදිරියට ගෙනයන්න හදන එක විහිළුවක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකමහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පෙරේදා (13) පස්වරුවේ, කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස පැවති ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය අවසානයේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙනි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී කිරිවෙහෙර ආලෝක පූජාව පැවැත්වූ අතර කිරිවෙහෙර අභියස මෙන්ම කතරගම දේවාලයේ පුද පූජා වලට සහභාගි වූ අමාත්‍ය රවී කරුණානායක මහතා, කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් බැහැදැක, පූජා භූමියේ දැනට පවතින විදුලි අඩුපාඩු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළේය. මෙම පුණ්‍යකර්මය සදහා ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු දේශපාලනාධිකාරිය සහභාගි විය.

එහි දී සිය අදහස් පල කල විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා

“චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හිතන්නේ එතුමියට හැම පක්ෂයකටම ඇගිලි ගහන්න පුළුවන් කියලා.”

“ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ක්‍රියාත්මක වෙන්නේ, එතුමියට ඕන විදියට කියලා. එක්සත් ජාතික පක්ෂයටත් ඇගිලි ගහලා, දෙතුන්දෙනෙක් පොළඹවගෙන, පක්ෂයේ සමගිතාවය. නැති කරන්න පුළුවන් කියලා එතුමිය හිතනවා.”

“නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට එක්සත් ජාතික පක්ෂයකට කිසිසේත්ම ඇගිලි ගහන්න අපි දෙන්නේ නැහැ. එතුමිය අද අත්තනගල්ල ආසනයේ සංවිධායකවරිය වුණාට, එතුමියට තම ආසනයවත් දිනාගත්ත බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ.”

“තම ආසනය දිස්ත්‍රික්කය පවා දිනාගත්ත බැරිවුණ කෙනෙක් එක්ක එකතු වෙලා පක්ෂය ඉදිරියට ගෙනයන්න හදන එක මොන විහිළුවක්ද. එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නැතිකරන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රමුඛ එ.ජා.ප.ය තුළ ඇති වී සිටින එතුමියගේ කල්ලියට අපි ඉඩ තියන්නේ නැහැ” යනුවෙන් ඒ මහතා අවධාරණය කරන ලදි.

Related posts

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday

අවසරය අවභාවිතයෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක්

colombotoday

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාව යෙදවීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

colombotoday

ජමියතුල් උලමා අගමැති හමුවෙයි…

colombotoday