Colombo Today Local News

තත්වය දරුණ අතට… සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ආසාදනය වෙලා !

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාමේ සීඝ්‍රතාවය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ ස්විට්සර්ලන්තය, රොමේනියාව, ඇල්ජීරියාව, ක්‍රොයේෂියාව, ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාවෙන් ද ප්‍රථමවරට කොරෝනා වෛරසය ආසාදනය වූවන් පිළිබඳ වාර්තා වන පසුබිමකදී ය.

එම ආසාදිතයන්ගෙන් බහුතරයකට වෛරසය ආසාදනය වී තිබුණේ ඉතාලියේ සංචාරය කිරීමෙන් පසුවයි.

මේ හමුවේ වෛරසය සිය රටේ පැතිරයාම වැළැක්වීම සඳහා සූදානම් වන්නැයි අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් එරට ජනතාවට අනතුරු අඟවා සිටියහ.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ඉරානයේ 16 දෙනෙකු ද ඉතාලියේ 11 දෙනෙකු ද ජීවිතක්ෂයට පත් විය.

ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර මේ හමුවේ සියලු සැණකෙලි සහ පාපන්දු තරගාවලි අවලංගු කර පළාත් රැසක පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට ඉරානය පියවර ගත්තේ ය.

ඉරානය චෝදනා ක‍ළේ, අමෙරිකානු සම්බාධක හේතුවෙන් වෛරසය මැඩපැවැත්වීමට අවශ්‍ය මුහුණු ආවරණ සහ ඖෂධ ආනයනය දුෂ්කර වී ඇති බවටයි.

ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, කුවෙට්, බහරේනය සහ ඕමානයෙන් ද මේ සතියේ වෛරසය ආසාදනය වූවන් පිළිබඳ මුල්වරට වාර්තා වූ අතර ඒ සියලු ආසාදිතයන් ඉරානයේ සංචාරය කර තිබුණි.

ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 320 ඉක්මවා ඇති අතර මේ වනවිට උතුරේ සිට එරට දකුණු දිග ප්‍රදේශ දක්වා ද වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන් ය.

වෛරසය පැතිරයාම හමුවේ ඉතාලි ආර්ථිකයෙන් 13% ක ප්‍රතිශතයකට හිමිකම් කියන සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද වාර්තා වේ.

මේ වනවිට චීනයෙන් පිටත වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 36 ඉක්මවා ඇති අතර චීනයෙන් පිටත වෛරසය ආසාදනය වූවන් වාර්තා වූ රටවල් සහ භූමි ප්‍රදේශ සංඛ්‍යාව 30 ක් දක්වා ඉහළ ගියේ ය.

Related posts

ඝාතනයට ලක්ව හමු වූ සිරුර සරසවි සිසුවියකගේ.. පිහි පහර දුන් පෙම්වතා පැන ගිහින්

Admin

ඥානසාර හිමිට නිදහස පතා අද සවස 2ට කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක්

colombotoday

උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

ඉන්දියාව නිසා උඩරට දුම්රිය මාර්ගය දවස් 6ක් වැසේ

Admin

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday