කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ භාණ්‌ඩාගාරයේ වත්කම ඩොලර් බිලියන දෙකක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 280 කි. මේ බව හෙළි කරන්නේ කැනඩා ආරක්‍ෂක බුද්ධි සේවාවයි. 2009 මැයි මස 19 දා කොටි සංවිධානය පරාජය වුවත් ජාත්‍යන්තර ජාලයට අයත් වත්කම අනාවරණය වූයේ නැත.
එහෙත් 2013 ජුලි 17 දා කැනඩා ආරක්‍ෂක බුද්ධි සේවාව ‘රහසිගත’යි මැයෙන් රහස් වාර්තාවක් එරට අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොටි ජාත්‍යන්තර ජාලයේ වත්කම හෙළි කළේය. එසේම ඩොලර් බිලියන දෙකක මුදලින් කොටි ජාත්‍යන්තරය අනාගතයේදී කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේ ද යන්න ප්‍රශ්නයක් බවත් එකී බුද්ධි සේවාව කියා සිටියේය. මෙම ජාත්‍යන්තර ජාලය කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඔස්‌ටේ්‍රලියාව යන රටවල ක්‍රියාත්මක වූ අතර සෑම වසරකම ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඩොලර් මිලියන 200 බැගින් අරමුදල් සැපයූ බවද එකී රහස් වාර්තාවේ තවදුරටත් සඳහන් විය.
කැනඩාවේ ටොරොන්ටෝ නුවර කන්දසාමි කෝවිලේ පූජකයකු ලෙස වෙස් මාරු කරමින් කටයුතු කළ කන්දසාමි අයියර් නමැති කොටි ක්‍රියාකාරිකයාට අදාළ තොරතුරුවලට සම්බන්ධව මෙම රහස් වාර්තාව ඉදිරිපත් කළ කැනඩා ආරක්‍ෂක බුද්ධි සේවාව මොහු යාපනයේ තුන්තාලෙයි පදිංචිව සිටි බවත් ඔහු කොටි සංවිධානයට බෝම්බ නිෂ්පාදන සඳහා නිවස ලබාදී තිබූ බවත් අනාවරණය කර ඇත.
මේ කොටි ක්‍රියාකාරිකයා කැනඩාවට පැමිණ ඇත්තේ ශන්මුගලිංගම් මහිsතානන්a නැමැති ව්‍යාජ නමකිනි.
මොහු ළඟ තිබී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ රියෑදුරු බලපත්‍රයක් සහ ක්‍රෙඩිට් කාඩ් කීපයක් ද සොයා ගැනිණි.
කන්දසාමි අයිශර් හෙවත් ශන්මුගලිංගම් මහිතානන් පිළිබඳව සිදු කළ විමර්ශනයෙන් කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ භාණ්‌ඩාගාරය ගැන හෙළිවෙද්දී එම ජාත්‍යන්තර ජාලයේ වත්මන් ක්‍රියාකාරියා වූ සාම්රාඡ් සහ ඔහුගේ මෙහෙයුම් ජාලයේ රහස් හෙළි විය. සාම්රාඡ් යනු කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වූ මනිවන්නන් කස්‌ත්‍රොaගේ දෙවැනියායි.
මේ වසරේÊමාර්තු 2 දා කටුනායක ගුවන්තොටුපළින් ප්‍රංශය බලා යැමට උත්සාහ කළ ද්‍රවිඩ කාන්තාවක් වූ මුරුගේසු බගිරදී හෙවත් ‘මිලා’ සහ ඇගේ දියණිය වූ පහනල්වි ත්‍රස්‌ත මර්දන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සාම්රාඡ් ගැන හෙළි විය. තමා ශ්‍රී ලංකාවට පැමිණ ඥතීන් බලා ආපසු ප්‍රංශයට යන බව බගිsරදී මුලින්ම ප්‍රකාශ කළත් ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඇය යම් දෙයක් සඟවන බව තේරුම් ගත්හ.
දින 10 ක් තිස්‌සේ බගිsරදීගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය තමා කවුද යෑයි අනාවරණය කළාය. 2005 දී සාම්රාඡ් සමඟ විවාහ වූ බගිsරදී ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණ කොටි ජාත්‍යන්තර ජාලය ආරම්භ කරනු ලැබීය. එහෙත් ප්‍රංශ බුද්ධි සේවයට එකී තොරතුරු වාර්තා වූයේ නැත.
සිවසුබ්‍රමනියම් ජයගනේෂ් හෙවත් සාම්රාඡ් නමැති කොටි ජාත්‍යන්තර ජාලයේ දෙවැනියා සමග තමා විවාහ වුවත් පසුව ඔහුගෙන් දික්‌කසාද වූ බවත් ඇය ත්‍රස්‌ත මර්දන බලධාරීන් හමුවේ පවසා ඇත. එහෙත් එම දික්‌කසාදය සනාථ කිරීම සඳහා වූ සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ඇයට නොහැකි විය. 2005 වසරේ සිට පැරිසියේ ජීවත් වූ බගිsරදී මේ වසරේ පෙබරවාරි 4 දා සිට අට හැවිරිදි දියණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. සිය මව කිලිනොච්චියේ පදිංචිව සිටින බවත් පිළිකා රෝගයෙන් පෙළෙන මව බැලීමට ශ්‍රී ලංකාවට පැමිණි බව බගිsරදී වැඩිදුරටත් පැවසුවාය. 1991 දී කොටි සංවිධානයට බැඳුණු බගිරදී අවි ආයුධ පුහුණුව ලබා ඇත. සිව් වසරක් තිස්‌සේ කොටි සන්නිවේදන ජාලයේ පණිවුඩ හුවමාරු කරන නිලධාරිනියක් ලෙස සේවය කළ ඇය 1996 දී මුහුදු කොටි බළකායට සම්බන්ධ වී ඇත.
ඉතා කෙටි කලකදී මුහුදු කොටි කාන්තා බළකායේ නායිකාව ලෙස පත්වූ බගිsරදී හා සාම්රාඡ් යුවළ කස්‌ත්‍රොaගේ නියෝග මත පැරිසියට පැමිණ තිබේ.
තමා සාම්රාඡ් සමඟ සියලු සබඳතා අත්හැරි බව බගිරදී පැවසුවත් ඇය පවසන්නේ අසත්‍ය තොරතුරු බව ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට අවබෝධ විය.
සාම්රාඡ් හෙවත් ජයගනේෂ් සිවසුබ්‍රමනියම් දැන් සිටින්නේ ප්‍රංශයේයි.
කොටි ජාත්‍යන්තර ජාලය සතු ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළෙඳසැල්, අවන්හල්, වාහන අලෙවිසැල්, දේපළ වෙළෙ¹ම් ඇතුළු ආයතන 200 කට අධික සංඛ්‍යාවක් මෙහෙයවන්නේ සාම්රාඡ්ය. මේ ආයතන කැනඩාව, තායිලන්තය, බ්‍රිතාන්‍ය, ස්‌විට්‌සර්ලන්තය යන රටවල ක්‍රියාත්මක වේ.
එසේම අයිවරි කෝස්‌ට රාජ්‍යයේ වානේ කම්හලක් ද ඔහු පාලනය කරයි.
මෙකී මෙහෙයුම් කටයුතු සඳහා නෝර්වේහි ඔස්‌ලෝ නුවර සිටින පෙරිම්බනායගම් සිවපරන් හෙවත් නෙදියවන් ද සම්බන්ධ වී ඇත.
ඉන්ටපෝල් පොලිසිය නෙදියවන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් ප්‍රකාශයට පත් කර ඇතත් ඔස්‌ලෝ පොලිසිය එකී නියෝගය ක්‍රියාත්මක කර නැත.
ඊට හේතුවී ඇත්තේ නෝර්වේ ඊළාම් ජාලය හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් සමඟ දැඩි සබඳකම් පවත්වන නිසාය.
සාම්රාඡ් සමඟ එක්‌වී ඇති අනිකුත් කොටි ක්‍රියාකාරීන් ජර්මනියේ ජීවත්වන අප්පාතුරෙයි සෙන්දිල් විනයගම් සිවරාජා පිරන්ද්‍රdවන් හෙවත් අච්චුදන් හෙවත් සුරේන්a සහ ශ්‍රී ශන්කර් හෙවත් ඉලන්කදිර් යෑයි අනාවරණය වී ඇත.
වන්නි මෙහෙයුම අවසන් වීමට සති කීපයකට පෙර මොවුන් මෙරටින් පැන ගොස් ඇතැයි වාර්තා විය.
මේ අතර කැනඩා ආරක්‍ෂක බුද්ධි සේවා රහස් වාර්තාවේ තවදුරටත් සඳහන් වූයේ කොටි සංවිධානය ත්‍රස්‌ත ක්‍රියා 1184 කට වගකිවයුතු බවයි.
මෙම පසුබිම මැද ශ්‍රී ලංකා හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ලබන ජනවාරි මස විශේෂ අධිකරණයක් ස්‌ථාපිත කිරීමට තීරණය වී ඇත.
මෙකී විශේෂ අධිකරණය වන්නි මෙහෙයුමට විධාන දුන් සේනාධිපතිවරු ගැන විමර්ශනයට ලක් කෙරේ. ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, මහින්ද සතුරුසිංහ, කමල් ගුණරත්න, නන්දන උඩවත්ත, ප්‍රසන්න සිල්වා, ජගත් අල්විස්, චාගි ගාල්ලගේ යන මේජර් ජනරාල්වරු ගැන එලෙස විමර්ශන සිදුවේ. එසේම යුද අපරාධ චෝදනා එල්ලවී ඇති කොටි ක්‍රියාකාරීන් ගැන ද අධිකරණ විමර්ශනයක් පැවැත්වීමට තීරණය වී ඇතත් විදේශ රටවල් පහක් කොටි හමුදා ප්‍රධානීන් 60 කට වෙනත් නම් යටතේ දේශපාලන රැකවරණ දී ඇත. මේ නිසා ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. ලෝක ඉතිහාසයේ යුද්ධයක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කණ්‌ඩායමක් යුද අපරාධ විමර්ශනයකට ලක්‌වන මුල් අවස්‌ථාව මෙයයි. චෙච්නියානු යුද්ධයේදී රුසියානු හමුදාවටද යුද අපරාධ චෝදනා එල්ල වුවත් රුසියානු බලධාරීන් එම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය. ඊශ්‍රායල් හමුදාවටද යුද අපරාධ චෝදනා එල්ල වූ අවස්‌ථාවේ ඊට ප්‍රතිචාර දැක් වූ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන් යානු ත්‍රස්‌තවාදයට නොබියව මුහුණදුන් අපේ සෙබළුන් කිසිවිටෙක පාවාදෙන්නේ නැතැයි පවසා තිබුණි.
එහෙත් කොටි සංවිධානයේ රූකඩය මෙන් කටයුතු කළ ද්‍රවිඩ සන්ධානය යුද අපරාධ චෝදනාවලින් ගැලවී ඇත. මේ යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින්නේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්‌ය. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ යස්‌මින් සුකා ද වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පිටු 70 ක වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. ඊට සමගාමීව ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන දේශසීමා රහිත ඊළාම් සංවිධානය ද වන්නි හමුදා මෙහෙයුමට සම්බන්ධ සේනාධිපතිවරු ගැන මානව හිමිකම් පරීක්‍ෂණ මණ්‌ඩලයට වාර්තාවක් යොමු කර තිබූ බව හෙළි විය.
මේ අතර ශ්‍රී ලංකාවේ යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක් කිරීම සඳහා ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.
ඒ බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හෙළි කර තිබේ. මෙරට යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක් කිරීමට බ්‍රිතාන්‍ය රජයට හිමිකමක් නැත. එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක් කළ යුතු යෑයි නිර්දේශ කර තිබේ.
වන්නි මෙහෙයුම සමයේ ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය රජය කිසිදු සහයක් දුන්නේ නැත. එහෙත් එවකට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති වූ ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුච්නර් මෙරටට පැමිණ ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ හමුවී කොටි නායකත්වය බේරා ගැනීමට උත්සාහ කළේය. එදා කොටි ත්‍රස්‌තවාදීන් බේරා ගැනීමට තැත් කළ බ්‍රිතාන්‍ය ද ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමටත් මෙරට හමුදාවට පුහුණුවීම් ලබාදීමටත් තීරණය කිරීම බරපතළ සැකයට තුඩු දෙන කරුණකි.
යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම යනු හමුදාවේ භට සංඛ්‍යාව අඩු කිරීම හා උතුරින් හමුදාව ඉවත් කිරීමද ? මෙම පසුබිම මැද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රංශයේ පැරිස් නුවරට සම්ප්‍රාප්ත විය.
ජනාධිපතිවරයා පැරිසියට පැමිණීමත් සමග ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හමුදා බුද්ධි නිලධාරියා විගස පැරිස් නුවර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් තෝරාගත් පිරිසක් අමතා ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇත.
පසුගිය රජය සමයේ මේ හමුදා බුද්ධි නිලධාරියා පත් කර තිබුණි. එහෙත් වසර ගණනාවක් තිස්‌සේ ප්‍රංශ කොටින්ට සහ ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කොටි විරෝධතා පැවැත්වූ දේශප්‍රේමී සංවිධානවලට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙස ඇරයුම් කර නොතිබුණි.
මේ සැබෑ තත්ත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තා වී නැත.
මෙවන් තත්ත්වයක් උදාවීම නිසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියාගේ කටයුතු දැඩි දොaෂාරෝපණයට ලක්‌වී ඇත.
අපි සෑම වසරකම රණවිරුවන් සමරනවා. එහෙත් ජනාධිපති හමුවීමට අපට අවස්‌ථාවක් දුන්නේ නැහැ යෑයි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කියා සිටියේය.
මේ අතර කොළඹ සිට සැතපුම් 250 ක් ඈත වන්නියේ සිට මෙරට දේශපාලකයන් ජීවත් විය යුතු ද නැද්ද යෑයි තීන්දු කළ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතන කණ්‌ඩායම වැනසූ වන්නි හමුදා මෙහෙයුමේ සේනාධිපතිවරු දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
ඒ යුද අපරාධකරුවන් අධිකරණය හමුවට ගෙනඒමෙන් මිසක් සහජීවන ක්‍රියාමාර්ගය පිළිනොගන්නා බව කොටි බෙදුම්වාදී අරගලයෙන් විපතට පත් වූවන් පැවසීමයි. එසේ නම් වැලිවේරිය, රාජගිරිය නුගේගොඩ, කොටුව මහබැංකු බෝම්බය, පිලියන්දල, ගල්කිස්‌ස, දෙහිවල බෝaම්බ පිපිරීම්වලින් විපතට පත්වූවන්ටද යුක්‌තිය ඉටු විය යුතුයි. එහෙත් යෝජිත විශේෂ අධිකරණයෙන් එවැනි පිරිසකට සාධාරණය ඉටුවේද?
මේ අතර යුද අපරාධ චෝදනා විමර්ශනයට ලක් කිරීමේ විශේෂ අධිකරණ ස්‌ථාපිත කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු බලධාරිහු පසුගිය 29 දා මෙරට රාජ්‍ය නොවන සංවිධාන සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා මෙරට රාජ්‍ය නොවන සංවිධාන රැසක් දැඩි උත්සාහයක් ගෙන තිබූ අතර විදේශ රටවලින් ඔවුන්ට විශාල වශයෙන් අරමුදල් ලැබී තිබුණි.
මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට සිය වර්තමානය හා අනාගතය පුද කළ හමුදා නිලධාරීන් හා භටයන් 6,000 කට අධික පිරිසකට එකී විශේෂ අධිකරණය පිහිටු වීමෙන් සිදුවන අවමානයයි.
එසේම ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට දායක නොවූ පාර්ශ්ව වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාධිපතිවරුන්ට එරෙහි ක්‍රියා කිරීම සඳහා වූ විශේෂ අධිකරණයක් ස්‌ථාපිත කරන්නේ කෙසේද?
මේ පසුබිම මැද තවත් තොරතුරක් හෙළි විය. ඒ පසුගියදා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායමට ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර පරීක්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව අවසර දුන් බව හෙළි වීමයි.