Colombo Today Local Newsfeatured

ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය, පක්ෂයේ ඒකමතික අනුමැතියට අනුව ගැසට් නොකිරීමට එරෙහිව 2020/09/04 වන අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ජන බල පක්ෂය විසින් රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර සිටියා.

පැමිණිලි කාර පාර්ශවය ලෙස 1. අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා, 2. අපේ ජන බල පක්ෂයේ ප්‍රධාන ලේකම් නිශාන්ත රත්නායක, 3. අපේ ජන බල පක්ෂය මෙම පෙත්සම් දෙක ගොනු කරන ලදි.

මෙම පෙත්සම් දෙකෙහි වගඋත්තර පාර්ශවයන් ලෙස 1. මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, 2. මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික නලින් අඹේසේකර, 3. මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් යන මහත්වරුන් ද 4. මැතිවරණ කොමිසන් සභාව ද 5.අපේ ජන බල පක්ෂයේ හිටපු තාවකාලික ලේකම් පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමි, 6. පූජ්‍ය අතුරලියේ රතන හිමි, 7.නීතිපති තුමා ද නම් කර ඇත.

ඥානසාර හිමි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීම සඳහා අපේ ජන බල පක්ෂයේ කොඩිය ලකුණට මනාපය ලබා දෙන ඉල්ලමින් අපේ ජන බල පක්ෂය පසුගිය මැතිවරණයේදී තම මැතිවරණ ව්‍යාපාරය දියත්කල බවත් එය කිසිවෙකුටවත් කොල්ලකෑමට ඉඩ නොතබන බවත් ඥානසාර හිමි පාර්ලිමේන්තුවේ අසුන්ගන්වනතුරු පක්ෂයට කළහැකි සියල්ල සිදුකරන බවත් එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා අප වෙත ප්‍රකාශ කර සිටියා.

Related posts

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

colombotoday

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin

ජීවිත අවදානම තවමත් එළෙසමයි.. හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා

colombotoday

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

colombotoday