Colombo Today Local Newsfeatured

ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!

“ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්” බව බොදු ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා ඊයේ (4) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර සිටියා.

ඥානසාර හිමිට විරුද්ධව ලබා දුන් තීන්දුව අසාධාරණ සහ අයුක්ති සහගත බවත් මේ සිරගත කිරීම අධිකරණ ක්‍රියාමාර්ගයකින් සිදුවුවත් එය දේශපාලනික බව පෙන්වා දුන් ඒ මහතා මුල සිටම මේ රටේ නීති පද්දතිය වෙනස් කිරීමට ඥානසාර හිමි කතා කල බවත් පෙන්වා දුන්නා.

යම් යම් කාලවල දේශපාලකයින් තීන්දු ලබාදිය යුත්තේ කෙසේදැයි අධිකරණයට උපදෙස් දෙන බවට චෝදනා එල්ල වූ බවත් යහපාලනය යටතේ දැන් දේශපාලකයන්ට අවශ්‍ය තීන්දු අධිකරණය විසින්ම ලබාදෙන තත්වයට අධිකරණය හෑල්ලුවට පත්ව ඇති බව ප්‍රකාශ කර සිටි විතානගේ මහතා උසාවියට ගල් ගහපු අයට සමාව ලබා දීමත් අධිකරණයේ කතා කල පමණින් ඥානසාර හිමිට දරුණු දඬුවම් ලබා දීමත් දේශපාලනික කාරනා මත පදනම්ව සිදුවූ දේවල් බව පෙනෙන්නට තිබෙන බවත් සඳහන් කර සිටියා.

Related posts

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයි

Admin

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday

‘ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාව එක්ක හවුලේ බෙදා ගන්නවා’ – කබීර් හෂීම්

colombotoday

ඇමැතිකමෙන් රන්ජන් දොට්ට! – පෙර පරිදිම හැසිරුණොත් පක්‍ෂ සාමාජිකත්වයෙනුත් ඉවතට

colombotoday

කතරගම චාරිකාවක ගිය නවගමුවේ නඩයට වැල්ලවායේ ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වා දුන් සංග්‍රහය (PHOTOS)

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin