Colombo Today Local News

ඥානසාර හිමි ජීවිතාන්තය දක්වා සිරගතව සිටියත් මහණකම නැති වෙන්නේ නෑ…

සිරගත කර ඇති බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජීවිතාන්තය දක්වා සිරගතව සිටියත් උන්වහන්සේගේ මහණකම නැති වෙන්නේ නැති බව ත්‍රිපිටකාචාර්ය තලංගම සුධීරානන්ද හිමි සඳහන් කර සිටිනවා.

ඕනි කෙනෙක් ඕනි දෙයක් මේ පිළිබඳව තමන් වහන්සේගෙන් විමසන ලෙසත් භික්ෂු විනට අටුවා ටීකාවලට අනුව තමන් වහන්සේ පැහැදිලි කර දීමට සුධනම් බවත් ඊයේ (21) බොදු බල සේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සුධිරනන්ද හිමි පැවසීය.

භික්ෂුන් වහන්සේලා පෙනෙන්නට බැරි අදාර්මික රාජ්‍ය පාලකයන් ඉන්නා සමයක උවද ගිහි ඇඳුමින් පාරාජිකා නොවී මුළු ජිවිතයම ගිහි ඇඳුමින් සිටියත් මහණකම නැති නොවන බව සඳහන් කර සිටි සුධීරානන්ද හිමි ස්වාමින් වහන්සේ නමක් දින හයකින් ඥානසාර හිමිගේ භික්ෂුත්වය අහිමිවන බවට ප්‍රකාශ කල අදහසේ කිසිදු සත්‍යතාවයක් නැති බවත් බුද්ධ දේශනාවේ එසේ පවසා තිබෙනවානම් ඒ කොතනදැයි පවසන ලෙසත් සඳහන් කර සිටියා. “අවිනය විනය ලෙස ගැනීමත් අවිනය විනය ලෙස ගැනීමත් කීමත් විස්තර කිරීමත් දෙවියන් සහිත ලෝකයට දුක් පිණිසයි”යනුවෙන් සඳහන් කර සිටියා.

Related posts

වෙලේ සුදාව වහාම පරීක්ෂා කර අසනීප තත්ත්වය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

Admin

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday

රටේ අර්ථිකයෙන් භාගයක් විකුණලා

Admin

ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම ; ජාතික බුද්ධි ප්‍රධානිගෙන් ප්‍රශ්න කරයි

colombotoday

වැඩ බැරි දේශපාලඥයෝ අපිට මාෆියාකාරයෝ කියනවා

Admin

16 කණ්ඩායම මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වීමට සූදානම්… ආණ්ඩුවට අභියෝග කරන්න පුළුල් විපක්ෂ සන්ධානයක් බිහිවේ…

colombotoday