Colombo Today Sports News

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් ආසන්නයට

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් කඩුළු 600 ක් බිද හෙළු පන්දු යවන්නන්ගේ ලැයිස්තුව ආසන්නයට පැමිණ තිබේ.

ඒ, පකිස්තානය සමග මේ වනවිට පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ පකිස්තාන පළමු ඉනිමේදී කඩුළු 5 ක් දවා ගනිමින්.

ඒ අනුව ජිමී ඇන්ඩර්සන් මේ දක්වා බිද හෙළා ඇති කඩුළු සංඛ්‍යාව 598 ක්.

ටෙස්ට් කි‍්‍රකට් පිටියේ මේ දක්වා කඩුළු 600 ක් බිද හෙළා ඇත්තේ කී‍්‍රඩකයින් තිදෙනෙකු පමණයි. වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් බිද හෙළු පන්දු යවන්නන් අතර කඩුළු 800 ක් සමග මුත්තයි මුරලිදරන් පළමු ස්ථානයේත් ෂේන් වෝන් සහ අනිල් කුම්ලේ දෙවන සහ 3 වන ස්ථානවලත් පසු වනවා.

Related posts

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !

colombotoday

නවසීලන්තයේ හොඳම ටෙස්ට් කඩුලු රකින්නා ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

Admin

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday

දැවැන්ත 6 පහර කිහිපයක් ශ්‍රී ලංකාවට ජය ගෙන දෙයි. – බන්ගලියෝ ලහිරු කුමාර සමග ගැටුමක

colombotoday