මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ වෙත දැනුම් දී තිබේ.
එම නාම ලේඛන ලැබීමෙන් පසු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන්ගේ ලේඛනය ඊයේ මැතිවරණ කොමිසම වෙත යොමු කළා.