Colombo Today Local News

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා,රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා

මෙවර ජනාධිපතිවරණයෙන් ලැබුණේ රට ආපස්සට ගෙන ගෙනගිය ප්‍රතිඵලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

රට ඉදිරියට ගෙන ගිය බලවේග මෙම මැතිවරණයේදී පරාජය වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ලංකාදීප පුවත්පත සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

තම අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතාට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි රට තුළ බරපතළ සාකච්ඡාවක් තිබුණද එතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබි නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ වලදී ලබා ගන්නේ අඩු ඡන්ද ප්‍රතිශතයක් බවත් මහ මැතිවරණයේදී ප්‍රතිශතය ඉහළ යන බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

Related posts

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන්න. – දොලවත්ත පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday

හරක් හොරකමේ ගිය පීසී අල්ලයි

Admin