Colombo Today Local News

ජනාධිපතිට වැඩකරන රටක් බිහි කිරීමට නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය අවශ්‍යයි – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කියයි

ඉදිරි මාස තුනක කාල සීමාව තුළ නව රජයේ ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය තමන් බලාපොරොත්තුවන බවත්,මේ වසරේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල් නිසි පරිදී යොදා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.ඒ මහතා මෙම අදහස් පළකලේ පසුගියදා (නොවැ.29) අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම තමයි වැඩකරන රටක් බිහිකිරීම. ඒ නිසා අපි ඇතුළු සියළුම රාජ්‍ය ආයතන ඒ සඳහා කැපවිය යුතු වෙනවා.ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයට ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මේ අමාත්‍යාශය මගින් සියළුම දිස්ත්‍රික්කයන් සඳහා සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.විශේෂයෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල් අපි උපරිමෙන් භාවිත කළ යුතුයි.ඒ නිසා මේ සම්බන්ධව සියළුම දිස්ත්‍රික් ලේකම්වරු නැවතත් දැනුවත් කර කඩිනමින් ව්‍යාපෘති යෝජනාවන් සහ ඇස්තමේන්තු ලබා ගෙන ප්‍රතිපාදන මුදා හැරීමට පියවර ගන්න.අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්, මේ ආණ්ඩුව අපි පිහිටුවා තිබෙන්නේ මාස තුනකට වැනි කෙටිකාලයක් සඳහායි.මාර්තු පළවෙනිදා වන විට බොහෝ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා ක්‍රියා කරයි.විවිධ දේශපාලන අදහස් ඇති නිලධාරීන් අප අතර සිටියත් එය අපිට ප්‍රශ්නයක් නොවෙයි.රාජ්‍ය නිලධාරීන් කිසිදු දේශපාලනයකින් තොරව රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතුයි.මේ මාස තුනේ අමාත්‍යාශයේ ප්‍රගතිය සම්බන්ධව අපි මාසිකව රැස්වෙමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට පැවසීය.

Related posts

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල අද විවෘත වේ !

colombotoday

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

ISIS අරමුණ ශරියා නීතිය සහිත කැලිෆට් (ඉස්ලාම්) රාජ්‍යයක් බිහිකිරීමයි – ඇමති සජිත්

colombotoday

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

colombotoday

ශල්‍යාගාරවල තදබදය මගහරවා ගන්න පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ආණ්ඩුවට කුලියට ගන්න යයි

colombotoday