Colombo Today Local News

ජනමතය නොවිමසා ගිවිසුම්වලට යනු එපා – MCC ගිවිසුම ගැන කාදිනල්තුමන්ගෙන් විශේෂ නිවේදනයක්


රටේ ඉඩම් සම්බන්ධ බැරැරුම් වෙනස්කම් ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනමතය නොවිමසා අත්සන් තැබීම භයානක ප‍්‍රතිඵල ගෙන දිය හැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි.

කාදිනල්තුමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබද යම් තීරණයක් ගන්නේ නම් පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගත් පසු ජනමත විචාරණයකින් ඊට අනුමැතිය ලබාගන්නා ලෙසයි. 

ජනාධිපතිවරණයක් සදහා මුළු රටම සූදානම් වන අවස්ථාවකදී මෙවන් දෙයක් කඩිමුඩියේ සිදුකිරීමට යාම කිසිසේත් සුදුසු නොවන බවයි කාදිනල්තුමන් පෙන්වා දෙන්නේ. 

මේ සම්බන්ධයෙන් ඉකුත් මැයි මස 31 වනදා පැවති සාකච්ඡාවකදී අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ පිළිබද ජනතාවගේ පොදු මතය විමසිය යුතු බවයි. 

එවන් පසුබිමක මෙම ගිවිසුම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවේ  අනුමැතියද මේ දක්වා ලබාගෙන නොමැති බවයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් නිකුත්නි කළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

colombotoday

අල්ලස් ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

colombotoday

SF ලොක්කාගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් වල සවිස්තර වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday

ශ්‍රී ලාංකික කතුන් 9කට මැදපෙරදිගදී මරණ දඩුවම

colombotoday

මිලියන 125 ක් අල්ලස්ගත් රේගු නිලධාරීන්ට ඇප දීලා

colombotoday