Colombo Today Local News

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසූයේ ඊයේ (16) අග්‍රාමාත්‍යධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

අපි මේ ගමන ඉතාමත් ශිෂ්ඨ සම්පන්නව, ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තතත්වයන් තිබෙනවානම් තනි තීන්දු ගන්නේ නැතිව, සාකච්ඡා කරලා ප්‍රශ්ණ විසඳගැනීමට අපි පරිණත දේශපාලඥයින් ලෙස කටයුතු කළ යුතුයි.

අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක  ඔබතුමාට දෝෂාභියෝගයක් ගේන්න අපි කතා කළෙත් නෑ. සාකච්ඡා කළෙත් නෑ. ඒවා කරන්න බලාපොරොත්තුවක් නෑ. විවිධ ආවේග ශීලී අවස්ථාවල දේශපාලන උණුසුමත් එක්ක අපෙන් හා අනෙකුත් පාර්ශ්ව වලින් විවිධ උණුසුම් වචන පිටවුණා.

කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නවත් ඔබතුමාගේ දරු පවුලේ සාමාජික සාමාජිකාවන්ට හානි කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ.  යැයි පැවසුවේය.

Related posts

බියර් සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කරයි

Admin

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin

“සියළු බලතල අපට ඕන” විග්නේෂ්වරන් ජනපති නියෝජිතයාගේ මූණටම කියයි

colombotoday

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ නමටත් ශ්‍රීපාද රක්ෂිතයේ ඉඩම් !

colombotoday