Colombo Today Local News

ජනපති, අගමැති, සමග සජිත්, චන්ද්‍රිකාත් නිදහස සමරයි… අපි එන්නෑ…. ෆොනී, මෛත්‍රී කලින්ම දන්වයි !

අද කොළඹ නිදහස් චතුරස්‍ර යේ දී පැවි 72වන නිදහස් සමරු උත්සවයට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද සහභාගී වී සිටි අතර රාජපක්ෂවරුන්ගේ පස මිතුරෙකු ලෙස පසුගිය කාලයේ දේශපාලනයේ නිරත වූ ඇය මෙලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිදහස් උළෙලේ දක්නට ලැබීම බොාහො දෙනෙකුගේ අවධානයට ලක්විය.

මේ අතර නිදහස් දින උත්සවයට සහභාගී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊයේ (03 වැනිදා) පස්වරුවේ දැනුම් දී ඇත.

හිටපු ජනාධිපතිවරයාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ආරාධනා පත්‍ර යොමුකර තිබිණි. උත්සවය පැවැත්වෙන නිදහස් චතුරශ්‍රයේ ඉදිරි පෙළ අසුන් දෙකක් ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබිණි. සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේ එම අසුන් දෙක ඉවත් කිරීමට පියවර ගත් බවයි.

Related posts

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට..

colombotoday

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ පිළිබදව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි

colombotoday

නාමල් රාජපක්‍ෂ මහ පාරේ නිදි

colombotoday

ටෙලිකොම් ආයතනයට අතුරු තහනමක්

colombotoday

“බෝම්බ ඇදුම් හමුවුණාට උතුරේ නිර්හමුදාකරණය නවත්වන්නේ නෑ” – ආරක්ෂක ලේකම් හින්දු පුවත්පතට කියයි

colombotoday