Colombo Today Local News

ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා විපක්ෂයේ වුවමනාව මැතිවරණය කල් දමා ගැනීමයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරකහා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ වුවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැනීම බවයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීයසභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද (25)දින උඩුගම්පළ දී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවානම් අපි බලන්න ඕනේ මේ වෙලාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොහොමද ඡන්දය තියන්නේ කියන එක මිසක් කොහොමද ඡන්දය නොතියා ඉන්න කියන එක නෙමෙයි.

මේ වෙනකොටසෞඛ්‍ය බළධාරීන් පවා කියලා තියෙනවා ඡන්දය තියන්න පුළුවන් කියලා.

එතකොට කොමිසමත් අහලා තියෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ වල අදහස.

කොහොමත් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළුවිය හැක්කේ වරකට එක් අයෙකුට පමණයි.

ඒ නිසා ඡන්දය මධ්‍යස්ථානවල දී මීටරයක දුර ආරක්ෂා කිරීම ගැටළුවක් නෙමෙයි.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජේ.වි.පි,දෙමළ ජාතික සන්ධානය කියන මේ රටට සතුරු බලවේගවලට අවශ්‍ය ඡන්දය කල් දාගන්න.

මොකද මේ අයට ජනතාව ඉදිරියට යන්න බැරි නිසා.

ඒ නිසා මේ උදවිය බලන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඡන්දය කල් දාගන්නයි.

යහපාලන ආණ්ඩුව බලය ඉන්නකම්ම බැලුවේ ඡන්ද කල් දාගන්න.

එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට වගේ ම සජිත් මහත්තයා අටව ගත්ත සමඟි ජන බලවේගයට තියෙන්නෙත් මැතිවරණ භීතිකාවක්.”

Related posts

ඉතිහාසය ඇලජික් ‘අලුත් පරපුරේ’ කුවිචාරකයන්ට ජැක්සන්ගෙන් කණ පැළෙන්න උත්තර !

colombotoday

සිසුවාට වෙඩිතැබූ ගුරුවරයා අත්අඩංගුවට

Admin

ආචාර්ය අතුලසිරි සමරකෝන් RIC සාමාජිකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

බොදු බල සේනාව තහනම් කරන්න – නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් !

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday