හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා නොවැම්බ් 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 1999 දී දඹුල්ල ප්‍ර දේශයේ සිදුවු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගැණුනි.
මේ අතර දැනට බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි)මහතා යළිත් බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා අද තීන්දු කළා. ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගැණුනේ පසුගිය ජනධිපතිවරණ සමයේ රත්නපුරයේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක සම්බන්ධයෙනි.