Colombo Today Local News

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1121 දරන එම විශේෂ ගුවන් යානය අද උදෑසන 7.25 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය. වෙනත් ගුවන් මගීන් නොමැතිව, ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් ගුවන් ගුවන් යානයෙන් චෙන්නායි බලා ගමන් ගත්හ.

මෙම ගුවන් යානය , මෙම ගුවන් මගීන් පිරිස ද රැගෙන යළි ආපසු අද (12) දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.

Related posts

“තරුණයන්ට කැමති අලුත් ලෝකයක් හදනවා.. සාක්කු සල්ලිවලින් පුරවනවා” – අගමැති

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට කැදවයි

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday