Colombo Today Local News

ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් මිලියන 340ක් ඉල්ලයි

නීතිපතිවරයා විසින් ගිනිගත්“MT New Diamond“නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කර තිබේ.

අද (16) දින මෙම හිමිකම් ඉල්ලීම නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත්තේ, රුපියල් මිලියන 340ක් අය කර ගැනීම සඳහා බව ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාඩ් සමාගම, මීපා ආයතනය (සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ) හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම පාර්ශවයන් නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් මෙලෙස ගණනය කර ඇත.

Related posts

වහ කන්නයි වෙලා තියන්නෙ.. සෑම නිවසකටම වස කුප්පියක් ලබා දීමට අයවැයෙන් ප‍්‍රතිපාදන ඕනෑ

colombotoday

ජනපති – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

colombotoday

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday

දේශපාලන අලකලංචි මැද ආණ්ඩුව සතියක් තුළ මිලියන 14,000ක් ණය වෙයි

colombotoday

නොකියා 3310 නැවතත් වෙළදපොලට

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin