Colombo Today Local News

ගිනි අවි තොගයක් නිවසේ තබාගෙන සිටි එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වලිමුණි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් මහතා විසින් ඊයේ (22දා) දහවල් වරෙන්තුවක් නිකුත් කළේය.

එසේ වරෙන්තු නියෝගයක් නිකුත් කර තිබුණේ ඒ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඊයේ (22දා) අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසාය.

ගිනි අවි ආඥා පනත අනුව නිසි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ටී-56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30ක්, එම ගැබ් එකක්, රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ 4ක්ද, තවත් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ 6ක්, එස්. එම්. ඩී. කොළ පැහැති ජීව අත්බෝම්බ එකක්, ටී 70 කොළ පැහැති දුම් බෝම්බ එකක් යන ආයුධ තම නිවෙසේ තබාගෙන සිටීමේ චෝදනාව මත මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

හලාවත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30 වැනි දින සැකකාර මන්ත්‍රිවරයාගේ නිවෙසේ තිබියදී මෙකී අවි ආයුධ අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම නඩුවේ විත්තිකරුවන් හය දෙනකු නම් කර තිබූ අතර ඉන් පස්දෙනකු නඟා ඇති චෝදනාවන්ට තමන් වරදකරුවන් බව පළ කර දඬුවම් ලබා තිබිණි. සැකකාර මන්ත්‍රිවරයා තමන් නිවැරැදිකරු බව පළ කර සිටි නිසා ඔහුට එරෙහිව නඩුව විභාග කිරීමට නියම කර තිබිණි.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් නීතිඥ නිහාල් සුමනධීර මහතා කරුණු දක්වමින් මන්ත්‍රිවරයාට මෙදින පාර්ලිමේන්තුවට යා යුතුව තිබූ නිසා නොපැමිණි බව දැන්වීය.

එම කරුණු ප්‍රතික්‍ෂේප කළ විනිසුරුවරයා සැකකරු අත්අඩංගුවට ගැනීම පිණිස වරෙන්තු නිකුත් කළේය.

Related posts

පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරාට වැඩ වරදි

Admin

දැරියන් සහේට ගැනීම, කාන්තාවන් 4 ක් විවාහ කරගැනීම ඇතුළු ම්ලේච අයිතීන් ඉල්ලා මුස්ලිම් සංවිධාන කිහිපයකින් උද්ඝෝෂණයක්.

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday

ගෝඨාභයගේ නඩුව 04 විභාගයට ගනී… දිනපතා විභාගයට ගැනීමට තීන්දුයි…

colombotoday

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday