Colombo Today Local News

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

කෘෂිකර්ම අමාත්‍යංශය ඉතා ඉක්මණින් යළි  ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කටයුතු කරන බව අද දින (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය  චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

 2016 අප්‍රේල් 08 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙතින් D.P  ජයසිංහ ගොඩනැගිල්ල වෙත ගෙන යාම හා ඒ සම්බන්ධ  ගිවිසුම් අත්සන් කර ඇති අතර ඒ සඳහා අත්තිකාරම් වශයෙන්  මිලියන 24 ක මුදලක් ගෙවා ඇති බවත් ගිවිසුමට අදාළව තවත් අවුරුදු දෙකක කාලයක් ඉතිරි වී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගොඩනැගිල්ලේ විවිධ නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වැය කර ඇති නමුත් එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.  2017 අගෝස්තු මස 08 මෙකී ගොඩනැගිල්ලට අමාත්‍යාංශය ගෙන ගොස් ඇති අතර, තවත් අවුරුදු දෙකක කාලයක් ඉදිරියට තිබුණ ද කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට ගෙන යාමට මේ වන විට තීරණය කර තිබේ. 

මේ අමාත්‍යාංශයේ එක් කොටසක්වන ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය  ඩුප්ලිකේෂන්  පාරේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවත් ඊට මාසෙකට ලක්ෂ 96ක මුදලක් ගෙවන බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

ජනවාරි මාසයේ අග වන විට එය අවසන්වන බව පෙන්වාදෙන අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරයට ගෙන යාමෙන්  තවත් ලක්ෂ 96ක මුදලක් ඉතුරු වන බවද පෙන්වා  දුන්නේය.

ගිවිසුම් අවසන් වීමට පෙර දෙපාර්ශවයේම කැමැත්ත අනුව මෙය අවලංගු කර ගැනීම සිදු කළ හැකිද යන්න  පිළිබඳව නීතිමය උපදෙස් ගනිමින් සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කළ  අමාත්‍යවරයා ගොවිජන මන්දිර පරිශ්‍රයේ පවතින ගැටලු ලෙස වාහන නවතා තැබීමේ ස්ථානයක් නොමැති වීම, ගොඩනැගිලි  ශක්තිමත් නොවීම ආදී කරුණු පිළිබදව ද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද ඉතා ඉක්මනින් නැවත කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත ගෙනයාමට කටයුතු සම්පාදනය කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin

ඇමතිගේ ISIS සබදකම් ගැන වහාම සොයා බලන්න… ඔස්ට්‍රේලියා තානිපති අංශ දන්වයි…

colombotoday

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin