Colombo Today Local News

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් නිවාස මට්ටමින් නිරෝධායනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මල්ලක් බැගින් ලබාදීම හෙට සිට ආරම්භ කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි.

නිරෝධායනය වන එක් පවුලක් වෙනුවෙන් දින 14 කට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය සහ පළතුරු වර්ග ඇතුලත් මල්ලක් ලබාදීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බවත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි නිරෝධායනයට ලක්ව සිටින පවුල් 6807 ක් සදහා ලබාදීම සිදු කරන බවත් දිසාපතිවරයා කීය.

මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 68 ක් වන අතර ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහාවන ජාතික කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසුව ජනාධිපති සහ අගමැති වරයාගේ උපදෙස් පරිදි මෙලෙස ආහාර මල්ලක් බැගින් ලබාදීමට තීරණය කොට තිබේ.

මේ අතර මසකට ආසන්න කාලයක් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් ජීවනෝපායන් අහිමි පවුල් සදහා රුපියල් 5000 ක දීමනාව ලබා දීමද සදුදා (2) දිනයේ ආරම්භ කෙරෙන බවත් දිස්ත්‍රික් ලේකම් කීය.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් කොට්ඨාස 12 ක් සදහා මෙම දීමනාව ලබා දීම යටතේ නිරෝධායනයට ලක් කොට ඇති පවුල් 464,254 කට ලබාදීමට නියමිතය. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 232 කි.

ජීවනෝපායන් අහිමි පවුල් සදහා මෙම දීමනාව ලබා දීම මිනුවන්ගොඩ කොට්ඨාසයට මීට පෙර ලබාදී අවසන් බැවින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් , බියගම පවුල් 46,008 , කැලණිය පවුල් 33,849, වත්තල පවුල් 46,519 , මීගමුව පවුල් 38,458 , මහර පවුල් 45,503, දිවුලපිටිය ඉතිරිව ඇති වසම් 59 ක් සදහා පවූල් 20,614 , දොම්පෙ පවුල් 32,132 , අත්තනගල්ල ඉතිරි වසම් 118 ක් සදහා පවුල් 32,040 , ගම්පහ පවුල් 39,342 , ජාඇල පවුල් 45,605 , මීරිගම ඉතිරි වසම් 118 ක් සදහා පවුල් 30,603 සහ කටාන පවුල් 53,581 , ක් වශයෙන් සිදු කෙරෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.

Related posts

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

colombotoday

ළමා නිවාසෙක දැරියන් 18ක් අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට !

colombotoday

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday

ඊළම දෙන්න කුමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුවේ 4ක් ගැන හේමකුමාර හෙළිකරයි

colombotoday

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday