Colombo Today Local News

ගංගා ආශ්‍රිත හෝටල්වලින් 60%ක් නීති විරෝධියි

මෙරට ගංගා ආශ්‍රිතව ඉදිකර තිබෙන සංචාරක හෝටල්, කර්මාන්ත ශාලා හා වෙනත් ව්‍යාපාරික ආයතනවලින් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් පරිසර වාර්තා ලබාගෙන නොමැති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

පරිසර වාර්තා ලබාගත් ඇතැම් ආයතන පවා මේ වෙද්දී පරිසර නිර්දේශ අනුව කටයුතු නොකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද එම අමාත්‍යාංශය කියයි.

ගංගා 103 කින් සමන්විත මෙරට ගංගාධාර පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය සැලසුම් කරන ලද ‘සුරකිමු ගංගා’ නමින් ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

පරිසර ඇමැති මහින්ද අමරවීර ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට පෙරේදා (3 වැනිදා) මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

ගංගා පද්ධතිය ආශ්‍රිතව මේ වනවිට සිදුවන පරිසර දූෂණය වළක්වමින් සියලුම ගංගාධාර සංරක්ෂණයට පියවර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. මෙම වැඩසටහනට රුපියල් කෝටි 3200 ක මුදලක් වැය කෙරේ.

මේ අනුව ඉදිරියේදී ගංගා දූෂණය සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇත.

ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතියෙන් 80 ක්ම අයත් වන්නේ වියළි කලාපයටය. දැනට සිදුකර තිබෙන ගණන් බැලීම් අනුව මෙම සමස්ත ගංගා 103 න්ම මුහුදට ඇදී යන ජල ප්‍රමාණය කියුබික් ඝන මීටර් 55,000 කි.

Related posts

ගිය මාස අටට මාස්ක් කෝටි 13යි. මේ මාස දෙකටත් කෝටි 13ක් ගේන්න අවසර අරන්

colombotoday

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

සජිත්ගේ ප්‍රශ්නයට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක්

Admin

අපිත් පුළුල් පෙරමුණක් හදනවා.. 2020 දී මේ ආණ්ඩුව පෙරළා දමනවා – අනුර දිසානායක

colombotoday

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

colombotoday

“අලුත් ව්‍යවස්ථාව ගැන සමහරු බොරු ප්‍රචාර කරනවා.. මේවා ජාතික අපරාධ“ – ජනපති

colombotoday