කොළඹ වරාය බහලුම් පිවිසුම් මාර්ගයේ දොරටු 4 ක් වසා දැමීමට කටයුතු කර තිබේ.
වරායට පිවිසෙන ප්රධාන මාර්ගයක රාජකාරි කළ රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඔවුන් සමග රාජකාරි කළ පොලිස් නිලධාරීන් හතළිහක් නිරෝධායනයට ලක් කර තිබේ.
දැනට වරාය මූලස්ථානයට පැමිණ ඇත්තේ ද සීමා කර ඇත.
ඒ අනුව දිනකට පැමිණිය හැකි උපරිම පිරිසක් පනහ දක්වා අඩුකර තිබේ.