Colombo Today Local News

කොළඹ, ගම්පහ බාර් විවෘත නොකිරීමට එරෙහිව තැබෑරුම්කරුවන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තරවාසියක්

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලයලත් මත්පැන් අලෙවිසල් විවෘත නොකිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තරවාසියක් යොමු කර තිබේ.කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල හැර අනෙකුත් දිස්ත්‍රික්කවල බලයලත් මන්පැන් අලෙවිහල් මේ වන විට විවෘත කිරීමට අවසර ලබාදී තිබේ. එවැනි අවසරයක් නොලැබුණහොත් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පැවැරීමටද මත්පැන් අලෙවිකරුවන් තීරණය කර ඇති බව එම එන්තරවාසියෙන් දැනුම් දී තිබේ.

අද (26 වැනිදා) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ඉවත් කෙරුණත් බලයලත් මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට මෙතෙක් අවසර ලබාදී නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දිස්ත්‍රික්ක දෙකෙහි සුපිරි වෙළෙඳසල්වලින් පමණක් මත්පැන් අලෙවියට අවසර දී තිබේ.

Related posts

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

අගමැති ඉල්ලා අස්වෙයි

Admin

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ කහ තොගයක් පුත්තලමේදී පොලිස් භාරයට

colombotoday

කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ – ඇමති කංචන කියයි

Admin

විජේදාස, වජිර , මාරපන ඇමතිකම්වලින් දොට්ට…?

colombotoday

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin