Covid 19

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ද‍හසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වන බව සඳහන් වේ.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 20,508 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 337දෙනාද සමග ය.

මෙම සියලු ආසාදිතයින්ගෙන් 335 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බව සදහන් වෙයි.

ඒ අනුව මේ වනවිට ආසාදිතයින් 5921 ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සමස්ත ආසාදිතයින්ගෙන් 14,497 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඊයේ දිනයේ දී ද ආසාදිතයින් 428 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස සැළකෙන මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,978 කි.

Related posts

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

PCR පරීක්ෂණ වලට සහභාගී නොවන්නන්ට නඩු

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

colombotoday

කොවිඩ් ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්

colombotoday

අලුත් අවුරුදු පොකුරේ නව ආසාදිතයෝ 1800 පසු කරති | මරණ 9 ක්

colombotoday