World

කොරෝනා ආසාදිත ඉන්දීය තරුණිය රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන්රථයේ රියදුරු අපයෝජනය කරලා

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කිරිමට රැගෙන යමින් සිටි 19 හැවිරිදි තරුණියක්ව ගිලන් රථ රියැදුරෙක් විසින් දුෂණයට ලක් කිරිමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

කේරළ ප්‍රාන්තයේ පන්ඩාලම් පොලිසිය විසින් සඳහන් කර ඇත්තේ මෙම ගිලන් රථ රියදුරා විසින් අදාළ තරුණියව පාළු පිට්ටනියකට රැගෙන ගොස් දුෂණයට ලක් කොට ඇති බවයි.

කොරෝනා ආසාදිත වයස්ගත කාන්තාවක් සහ තරුණියක් රෝහල් බලධාරීන් විසින් රෝහල් දෙකක් කරා යොමු කිරිමට සැකකාර ගිලන් රථ රියදුරාට භාරදී ඇති අතර ඔහු විසින් පළමුව වයස්ගත කාන්තාව රෝහලට භාරදී මෙම පසුව අදාළ තරුණිය රෝහල කරා රැගෙන යමින් සිටියදී මෙම අපරාදය සිදුකර ඇති බවයි පොලිස් විමර්ෂණ වලදී හෙළිව ඇත්තේ.

25 හැවිරිදි මෙම ගිලන් රථ රියදුරා ගේ සේවය අත්හිටුවා ඇති අතර ඔහුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නැයි කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය කේ.කේ. සෛලජා පොලිසිය ඇතුළු බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

Related posts

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

Admin

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin

ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයි

Admin

වයස 13 දැරිය කසාදයට ගත් මුසල්මානුවෙක් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව සිරකරයි

colombotoday

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday

එක්සත් රාජධානියට ත්‍රස්ත ප්‍රහාරයක්. – ඉලක්කය දේව මෙහෙයක් බවට සැක. – රියදුරෙකුගේ අවධානය මහා විනාශයක් වලක්වයි.

colombotoday