World

කොරෝනා අස්සේ උතුරු කොරියාව යලිත් මිසයිල යවති

උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි.

මෙම මිසයිල අද(29), උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සාගරය දෙසට යොමුකර තිබේ.

දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පවසන්නේ ඒවා කිලෝමීටර් 30ක උසකින් කිලෝමීටර් 230ක දුරක් ගමන් කළ බවයි.

මේ සම්බන්දව විරෝධය පලකරමින් දකුනු කොරියාව නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ, “කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් මුළු ලෝකයම දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින තත්ත්වයක උතුරු කොරියාව සිදුකර ඇත්තේ නුසුදුසු ක්‍රියාවකි. මෙවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතුය.”

Related posts

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

Admin

ඊශ්‍රායලනේ සිරියාවට ගුවන් ප්‍රහාරයක්

colombotoday

ට්‍රම්ප්ට 2024 ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

Admin

පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )

colombotoday

ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ගැන ලෝකෙටම අනතුරු ඇඟවීමක්

Admin

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මිය ගිහින්

colombotoday