Colombo Today Local News

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය අවට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ඇති බැවින් රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. බර වාහන හැර කුඩා ප‍්‍රමාණයේ මෝටර් රථ වලට එම ප‍්‍රදේශයෙන් ගමන් කිරීමේ හැකියාවක් නැහැ.
රථ වාහන තදබදය අවම කිරීම සදහා විකල්ප මාර්ග භාවිතා කල හැකියි.
ඒ අනුව වත්තල සිට පැමිණෙන වාහන මට්ටක්කුලිය හා මෝදර දෙසින් කොටුව දෙසට ගමන් කල හැකි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්්‍යාලය සදහන් කලේ.
පෑලියගොඩ බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැුල්ල දෙසට ගමන් කල හැකියි. මේ අතර ගිනිගත්හේන නෝටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයට විශාල ගස් දෙකක් සහ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කලේ එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලීසියට උපදෙස් ලබා දී ඇති බවයි
එම මාර්ගයේ තවදුරටත් පස් කදු සහ ගස් කඩා වැටිමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන්නැයි රියදුරන්ට දැනුම් දී තිබෙනවා. මේ අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
අධික වර්ෂාවත් සමග ඇති වූ සුලං තත්වයෙන් බේරුවල මග්ගොන ප‍්‍රදේශයේ දී මෙලෙස දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබූ බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ.

Related posts

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

වරාය රාජ්‍ය ඇමැතිට බලය පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

හෙල්මට් නැතිව ගිය මුස්ලිම් අයෙක් ඇල්ලුවාට මූතූර් හී උද්ඝෝෂණ. පාරවල් වසා ටයරුත් ගිනි තබයි

colombotoday

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

Admin