Colombo Today Local News

කොටකෙතනේ 6ක් ඝාතනය කළේ ‘එකෙක්’බව DNA පිරික්සුමෙන් තහවුරු වෙයි

kotakethaí 1

කහවත්ත, කොටකෙතන කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු එම ප්‍රදේශයේ සිදුවූ එවැනි ඝාතන හයකට සම්බන්ධවී ඇති බවට ඩී.එන්.ඒ සාම්පල පරීක්ෂාව මගින් තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ජින්ටෙක් ආයතනයෙන් ලබාගත් අදාළ වාර්තාවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විනිසුරු දිනේශ් ලක්මාල් ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කරුණු අනාවරණය කර ඇත.

ඉකුත් සිකුරාදා දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඉරිදා දිනයේ මහේස්ත්‍රාත් හමුවට පමුණුවා අද (15) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කෙසේ වෙතත් සැකකරු‍ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබූ උල් පිහියක්, වප් පිහියක් හා සැකකරුගේ ලේ තැවරුණු ඇඳුම් කිහිපයක් ජින්ටෙක් ආයතනයට යොමු කිරීමෙන් පසු එම ආයතනය විසින් සිදුකළ ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් මීට පෙරාතුව සිදුවූ ඝාතන 6ට සැකකරු සම්බන්ධවී ඇතැයි තහවුරු වී ඇති බව සඳහන්ය.

එහෙත් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ ආසන්නතම පුද්ගල ඝාතනයට අදාළව ඩී.එන්.ඒ වාර්තාව මෙතෙක් ලැබී නොමැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් මහතා විසින් සැකකරු ලබන 29 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

Related posts

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin

කොත්තුවයි බත් පැකට් එකයි සියයට 20කින් ඉහළට

colombotoday

සමාජ මාධ්‍යයේ පළ වන පුවත අසත්‍යක් – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Admin

විශ්වවිද්‍යාල වල නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

colombotoday

පංචවිධ ක්‍රියාවලියෙන් කාර් එකක් ගමු කී නංගී දැන් කියන පිස්සු හැදෙන කතාව – VIDEO

colombotoday