Colombo Today Local News

කුරුණෑගල නගරාධිපති නඩු කියන්න නගර සභාවෙන් සල්ලි ඉල්ලයි

කුරුණෑගල නගර සභාව අද (13)දින රැස්වීමක් කැඳවා තිබුණද නගරාධිපතිවරයා නියමිත වේලාවට සභාවට නොපැමිණීම හේතුවෙන් එහි මන්ත්‍රීවරු ඊට අප්‍රසාදය පළ කරමින් පිටව ගියෝය.

නගර සභාව රැස්වීමට නියමිතව තිබූ වේලාවේ නගරාධිපතිවරයා රැදී සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩ භාරගැනීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේය.

නගරාධිපතිවරයා එම උත්සවයේ පිළිගැනීමේ කතාව ද සිදුකළේය.

එම උත්සවයේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු දහවල් 12.10ට පමණ නගරාධිපතිවරයා සභාව වෙත පැමිණියේය.

එම අවස්ථාව වනවිට මන්ත්‍රීවරුන් රැසක් සභාවෙන් පිටව ගොස් සිටීම නිසා සභාවේ රැදී සිටි මන්ත්‍රීවරයකු යෝජනා කළේ සභාව කල් දමන ලෙසය.

අනතුරුව නගරාධිපතිවරයාද ඔහුට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ කාරණය පිළිබඳව පැහැදිලි කර සභාව කල් දමනු ලැබීය.

බුවනෙකබා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමේ සිද්ධියේ නඩුවට අදාළව කුරුණෑගල නගරාධිපතිගේ නීතීඥ ගාස්තුව නගර සභාව මගින් ගෙවීම අනුමත කරගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබූ බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.

මේ අතර කුරුණෑගල රාජධානි සමයේ බුවනෙක රජුගේ රාජසභා මණ්ඩපය බව සැලකෙන ගොඩනැගිල්ලේ කොටසක් කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව පැවරූ නඩුව අද (13)දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවිය.

එහිදී නඩුව සැප්තැම්බර් 04 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මින් පෙර වරෙන්තුවක් නිකුත් කර තිබුණත් අගෝස්තු 24 වැනි දා දක්වා එය ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (12)දින නියෝග කළේය.

මේ අතර ඊයේ (12)දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ අද දින කුරුණෑගල නගර සභාව රැස්වී නගරාධිපතිවරයාට එරෙහිව ඇති නඩුවේ නීතීඥ ගාස්තු ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් අනුමත කරගැනීමට සූදානම් වන බවය.

Related posts

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

Admin

සීනි කර්මාන්තයේ අතුරු රඟදැක්වීමක්? – නිලධාරීන්ගෙන් වාණිජ ඇමති ලේකම්ට චෝදනා

Admin

බෙදුම්වාදින්ගේ ඕනෑ එපාකම් ඉටුකරද්දී හෘද සාක්ෂියට ඉඩදුන් නිලාවේලි නාවික කදවුරේ සෙබලෙක් සිරකරයි

colombotoday

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday