Colombo Today Local News

කුරගල සිද්ධස්ථානය සහ මුස්ලිම් පල්ලිය ආරක්ෂා කරනවා, කැනීම් කර ඉතිහාසය ගොඩ ගන්නවා – අගමැති

kuragala

කූරගල ප්‍රදේශයේදී වසර 8,000 ක් පමණ පැරණි ඇට සැකිල්ලක් සොයාගෙන ඇති අතර, මහාචාර්ය දැරණියගල මහතා මේ පිළිබඳ උපදේශකවරයෙකු ලෙස පත්කර අදාළ ගවේෂණ සිදුකිරීමට නියමිත බව ඊයේ 22 පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

කූරගල ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථානයක් සහ මුස්ලිම් ආගමික ස්ථාන පැවතී ඇති බැවින් ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කරමින් කැණීම් කටයුතු සිදුකළ හැකි බව අගමැතිවරයා කීය.

විජයාගමනයට පෙර සිටම මෙරට ඉතිහාසය පිළිබද සාධක ඇති බැවින් ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබද තොරතුරු ගවේෂණය කිරීමට කටයුතු යොදන බවත් ඒ පිළිබදව ඉදිරි වසර වනවිට කටයුතු කිරීමට හැකි වෙතැයි තමා බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම පැහැදිලි කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බවත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ජනවාර්ගික ගැටුම්වලින් තොරව කූරගල ප්‍රදේශය දියුණු කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතාද අගය කළේය.

Related posts

පදික මාරුවේදී මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට

Admin

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

colombotoday

ඥාණසාර හිමි චීවරය ගලවා ජම්පරය ඇදීම ප්‍රතික්ෂේප කරති, සිරගෙදරදී උපවාසයකට සැරසෙයි

colombotoday

අල් හුසේන් අස්ගිරි මහානායක ගලගම අත්ථදස්සි මාහිමිපාණන් බැහැදැකි

colombotoday

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07ක් මරුට

colombotoday

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin