Colombo Today Local News

කුඩා ළමුන්ට මුඛ ආවරණ පැලදවීමේ අනතුර

වයස අවුරුදු දෙකට අඩු ළමුන් හට මුහුණු ආවරණ පැලදීම යෝග්‍ය නොවන බවත් යම් හෙයකින් ඔවුන්ට එම ආවරණ පැලදවීම මගින් හුස්ම ගැනීමේ අසිරූතාවයන් ඇති වන බවට ජපාන විද්‍යාඥයින් අනතුරු අඟවා සිටියි.

ජපානයේ ළමා වෛද්‍යවරුන් ගේ සංගමය දෙමව්පියන්ට දැනුම් දී සිටින්නේ වයස අවුරුදු දෙකට අඩු ළමුන් හට මුහුණු ආවරණ පැලදවීම සිදුනොකරන ලෙසයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ජපාන රජය විසින් එරට සෑම පුරවැසියෙකුටම මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කොට තිබේ.

මුහුණු ආවරණ පැලදීම මගින් දරුවන් හුස්ම ගැනීමේදී ඔවුන්ගේ පෙනහළු මත වැඩි තෙරපුමක් ඇතිවන අතර හුස්ම ගැනීමේදී ඇතිවන අපහසුතා ගැන එම දරුවන්ගේ මුහුණෙන් පෙන්නුම් කළද මුහුණු ආවරණ යොදා තිබීම හේතුවෙන් දෙමාපියන්ට එය පහසුවෙන් හඳුනා ගැනීමට නොහැකි වන බවයි වෛද්‍යවරුන් අනතුරු අගවාසිටින්නේ.

මේ හේතුවෙන් වයස අවුරුදු දෙකට අඩු ළමුන් සඳහා මුහුණු ආවරණ පැලදවීම අවධානම් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

Related posts

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් අල්ලයි

Admin

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

Admin

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin

නිකවැරටියේ නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි…

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසමේ නඩු තුනකින් නිදොස් කොට නිදහස්

colombotoday