Covid 19

කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු මේවන තෙක් වාර්තා නොවූ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අද (03)දින එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බව සඳහන් වේ.

කොළඹ පිහිටි හෝටලයක සේවකයෙකු වන එම පුද්ගලයා පසුගිය 28 වනදා සිය නිවස පිහිටි කිලිනොච්චිය ප්‍රදේශය ට ගොස් තිබේ.

ඒ අනුව ඔහු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති අතර ඊයේ (02) දිනයේ දී ඔහුට පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති බව සඳහන් වේ.

එහිදී ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයා යාපනය, මරදන්කර්නි හි පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පැවසුහ.

Related posts

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 1429ක්

colombotoday

නව ආසාදිතයින් 448ක්

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්

colombotoday

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday