Colombo Today Local News

කින්නියා පන්සල උඩ කෝවිල මිස කෝවිල උඩ පන්සල් හදලා නැහැ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි කියයි

කන්‍යා (කින්නියා) ප‍්‍රදේශය ජනතාව අතර ප‍්‍රකට වූයේ උණු වතුර ළිං කිහිපයක් හේතුවෙනි. එසේ වුවද පසුගිය දිනවලදී එම ප‍්‍රදේශය පිළිබඳව ජනතාවගේ විශේෂ අවධානය යොමු වූයේ බෞද්ධ නෂ්ඨාවශේෂ ඇති පැරණි පුදබිමක් සම්බන්ධයෙන් ඇතිවූ මත භේදයක් හේතුවෙනි. එම ස්ථානය ති‍්‍රකුණාමලයට ඉතා නුදුරින් හොරොව්පොතාන ති‍්‍රකුණාමලය මාර්ගයට කිලෝ මීටරයක් පමණ ඔබ්බෙන් පිහිටා තිබේ. කන්‍යා උණු වතුර ළිං වලට ආසන්නයේ පිහිටා තිබෙන එම බෞද්ධ නෂ්ඨාවශේෂවල ඉතිහාසය පිළිබඳව සොයා බැලීම සඳහා අපට ඒ අවට ප‍්‍රදේශයත් එක්තරා ප‍්‍රමාණයකට අධ්‍යයනය කිරීමට සිදුවී තිබේ.

 අද එම ප‍්‍රදේශයේ අබෞද්ධ අසිංහල ජනතාව බහුතරයක් ජීවත් වුවත් අතීතයේදී එම ප‍්‍රදේශයේ සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධයන් ජීවත් වූ බව ඉතිහාසය අනුව අපට පැහැදිලි කරගන්න පුළුවන්. ති‍්‍රකුණාමලය යන වචන මෑත කාලයේදී භාවිතයට ආ වචනයක්. අතීතයේදී එම ප‍්‍රදේශය හඳුන්වා ඇත්තේ ගෝකන්නතිත්ත නැතිනම් ගෝනාගාම පට්ටන යන නාමයෙන්. සිංහලෙන් හඳුන්වල තිබෙන්නේ ගොකන්මුහුද කියලා. ගෝකන්න කියලා කියන්නේ 

 ගවයාගේ කන කියන එක. එය සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ ගෝකර්ණ කියලා. අද ති‍්‍රකුණාමලය යනුවෙන් හඳුන්වන ප‍්‍රදේශයේ තිබෙන වරායේ කපොල්ල පිහිටලා තිබෙන්නේ ගවයෙකුගේ හිසේ ආකාරයටය. එම නිසා සිංහල ජනතාව අතීතයේදී එම ස්ථානය ගෝකර්ණ යනුවෙන් හඳුන්වා තිබෙනවා.

 එසේ වුවද එම නාමය ඇතිවූ ආකාරය පිළිබඳව තවත් අදහසක්ද තිබෙනවා. ශාක්‍ය වංශික භද්දකච්චානා කුමරිය ලංකාවට පැමිණීමෙන් පසුව ඇයගේ සහෝදරයන් 6 දෙනකුත් මෙරටට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔවුන් ලංකාවේ නොයෙක් ප‍්‍රදේශවල ජනපද බිහිකර තිබේ. එම සහෝදරයන් අතරින් රාමගෝණ කුමාරයා බිහිකරගත් ජනපදයට ගෝණගාම පට්ටන යන නම ව්‍යවහාර වූ බවටත් විශ්වාසයක් තිබෙනවා. එම ප‍්‍රදේශය ගෝකර්ණ කියලත් ගෝකර්ණතිත්ත කියලත් හඳුන්වනවා. පොළොන්නරු යුගයට අයත් චෝඩගන්නදේවගේ ති‍්‍රකුණාමලයේ තිබෙන ශිලා ලේඛනයක ගෝකර්ණ යන වචනය සඳහන් කරලා තිබෙනවා.

 ඒ අනුව එම ප‍්‍රදේශය ශාක්‍ය ආර්්‍යයන් විසින් පිහිටුවන ලද, බෞද්ධ ශාක්‍ය ආර්යයන් වාසය කරපු ජනපදයක් ලෙස අපට සලකන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අපේ සෑම ඉතිහාස පොතකම සඳහන් කරලා තිබෙනවා. එම සිදුවීම් සිද්ධවෙලා තිබෙන්නේ බුදුන්වහන්සේගේ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට ගෙන ඒමටත් පෙර.

 ඒ වගේම යාංඔය නිම්නයේ පිහිටා තිබෙන ගිරිහඬු සෑයත් බුද්ධ කාලයට අයත් ස්ථානයක් වනවා. බුදුන් වහන්සේගෙන් කේශ ධාතු ලබාගත්ත තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයන් වෙළෙඳාම පිණිස ලංකාවට පැමිණියා. එසේ පැමිණීමෙන් පසුව කේශ ධාතුන් ගල් තලාවක් මත තැන්පත් කරලා වෙළෙඳාමේ ගියා. ඔවුන් නැවත පැමිණ ධාතුන් වහන්සේලා ගන්න හැදුවත් බැරිවෙලා තියෙනවා. එම නිසා ගල්කැට ගොඩගහලා චෛත්‍යයක් හදලා ඔවුන් පිටවී ගොස් තිබෙනවා. ගිරිකණ්ඩ චෛත්‍යය තියලා තියෙන්නේ ඒ නිසා තමයි. ඒ පිළිබඳ එම ස්ථානයේ පිහිටුවා තිබෙන 9 වන සියවසට අයත් සෙල්ලිපියක සඳහන් වී තිබෙනවා. එම විස්තර 9 වන සියවසේදී ලේඛනගත වුවත් , එම ස්ථානය කි‍්‍රස්තුුපූර්ව යුගයේ සිට පැවති බෞද්ධ සිද්ධස්ථානයක් බව එම ස්ථානයේ සහ අවට තිබෙන සෙල්ලිපි වලින් පැහැදිලි වනවා. ඒ වගේම එම අවට භූමියේ තමයි සේරුවිල, කුච්චවේලි ආදි වූ සිද්ධස්ථාන පිහිටා තිබෙන්නේ.

 විවිධ හේතූන් නිසා පොළොන්නරු යුගයෙන් පසුව අපේ රාජධානිය නිරිත දිගට සංක‍්‍රමණය වූවා. ජනතාවත් එම ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූවා. ඒ සමගම රජරට, නැගෙනහිර ඇතුළු ප‍්‍රදේශය වනගත වූවා. එම නිසා එම ප‍්‍රදේශවල පැවැති පූජනීය ස්ථාන බොහෝදුරට විනාශයට පත්වූවා. පසුකාලීනව සේරුවිල වැනි ප‍්‍රධාන ස්ථානවලට ස්වාමීන් වහන්සේලා පැමිණ එම ස්ථාන ශුද්ධ පවිත‍්‍ර කරගෙන පදිංචි වුවත් කුඩා ස්ථාන පිළිබඳව අවධානය යොමු කිරීමට නොහැකි වුවා. එම හේතුව නිසා කන්‍යා උණු වතුර ළිං ආසන්නයේ පිහිටා තිබෙන බෞද්ධ සිද්ධස්ථානය වැනි ස්ථාන සිය ගණනක නටබුන් මේ ප‍්‍රදේශයේ තිබෙනවා. කන්‍යා බෞද්ධ සිද්ධස්ථානයේ ඉතිහාසයය සොයා බැලීම සඳහා අපට ඒ අවට ප‍්‍රදේශයේ ඉතිහාසයත් සොයාබැලීමට සිද්ධ වෙනවා. මෙම ස්ථානයට ආසන්නයේ තමයි වෙල්ගම් වෙහෙර පිහිටා තිබෙන්නේ. එම වෙහෙරේ හාමුදුරුවෝ තමයි කින්නියා බෞද්ධ නටබුන් භාරව ඉන්නේ. තවත් ස්වාමීන් වහන්සේ නමකුත් එම ස්ථානයේ වැඩ සිටිනවා. වෙල්ගම් වෙහෙර කියන්නේ විශාල ආරාමයක්. මමත් එම ස්ථානයට උදව් කරලා තිබෙනවා. එහි දෙමළ සෙල්ලිපි වගේම සිංහල සෙල්ලිපිත් තිබෙනවා. එම සෙල්ලිපි අනුව පෙනී යනවා මනාවන්නිපුරය කියල තිබෙන්නේ එම ප‍්‍රදේශයට බව. එම ප‍්‍රදේශය සොළී සේනාව විශාල වශයෙන් නැවතී සිටිය ප‍්‍රදේශයක් බවත් සඳහන් කිරීමට පුළුවන්. එම භූමියේ පිහිටා තිබෙන දෙමළ සෙල්ලිපිවලින් පැහැදිලි වනවා එදා වෙල්ගම් වෙහෙරේ විහාර ස්ථානය නඩත්තු කිරීම සඳහා දෙමළ ජාතික දායකයන් විශාල වශයෙන් උදව් කර ඇති බව. එම දෙමළ ජනතාව බෞද්ධයන් වන්නට ඇති. පහන් පත්තු කිරීම සඳහා, තෙල් සකස් කිරීම සඳහා ගවයන් පූජා කළ බවට තොරතුරු එම සෙල්ලිපිවල සඳහන් වී තිබෙනවා. වෙල්ගම් වෙහෙර පොළොන්නරු යුගයට අයත් වුවත්, එම භූමියේ පිහිටා තිබෙන සිංහල සෙල්ලිපිවලින් පෙනීයනවා. කි‍්‍ර. පූ. යුගයේදීම එම පන්සලත් ආරම්භ වීි ඇති බව. එම භූමියේ තිබෙනවා සිංහල රජ කෙනකුගේ පැරණිම සෙල්ලිපියක්. එම සෙල්ලිපියේ සඳහන් වන්නේ භාතිය රජු පිළිබඳව . එම සෙල්ලිපියේ භාතිය රජු වෙල්ගම් වෙහෙර නඩත්තු කිරීම සඳහා කුඹුරු, වැව් පූජා කළ බව සඳහන් වෙනවා. එම සෙල්ලිපියේ සඳහන් වන්නේ ,, වන භාතිය තිස්ස රජු පිළිබඳව බවත් හඳුනාගෙන තිබෙනවා.

 කන්‍යා වෙහෙරේ තවත් වැදගත් සෙල්ලිපි 3 ක් තිබෙනවා. එම සෙල්ලිපි 3 න් එක් ලිපියක මහ රජ යනුවෙන් සඳහන් වෙනවා. නමුත් ඊට පෙර තිබුණ වචනය හඳුනාගත නොහැකි ප‍්‍රමාණයට මැකිල තිබෙනවා. එම සෙල්ලිපිවල තිබෙන අක්‍ෂර මාලාව, භාෂාව, ශෛලිිය ආදිය වෙල්ගම් වෙහෙරේ අක්‍ෂරවලට සමානයි. ඒ අනුව පෙනී යනවා වෙල්ගම් වෙහෙර සහ කන්‍යා ප‍්‍රදේශයේ වෙහෙර එකම කාලයකට අයත් බව. එම කරුණු සලකා බැලූවහම පෙනී යනවා ,, වන භාතිය රජු වෙල්ගම් වෙහෙරේ වැඩකටයුතු කරන කාලයේදීම උණුවතුර ළිං ළඟ පිහිටා තිබෙන වෙහෙරෙත් යම් යම් වැඩකටයුතු කරලා, එම පන්සලේ නඩත්තුව සඳහාත් කුඹුරු ආදිය පූජා කර ඇති බව. එම කරුණද අනුව අපට පෙනී යනවා. ,, වන භාතිය රජුගේ කාලයේදී මෙම ආරාමය දීප්තිමත්ව පැවැති ඇති බව. ඒ වගේම මෙම ආරාමය කි‍්‍ර. පූ. යුගයේදී ආරම්භ වී ඇති බවත් පැහැදිලි වෙනවා.

 එම වැදගත් හේතු සාධකයන් නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කන්‍යා උණු වතුර ළිං ආසන්නයේ පිහිටා තිබෙන පූජා භූමියේ කැණීමක් කළා. එහිදී චෛත්‍යයේ පාදම හොඳින් මතුවූවා. ඒ වගේම සඳකඩ පහණ, මුරගල්, කොරවක් ගල්, කොත්කැරලි, ගල් කණු, ශී‍්‍ර පාද ලාංඡුන ආදියත් මතුවී තිබෙනවා. එම සාධක අනුවත් පෙනී යනවා අතීතයේ සිට මෙම ස්ථානයේ භික්‍ෂූන් වහන්සෙ වැඩ සිටිය බවත්, පූජනීය ස්ථානයක් ලෙස පැවැති ඇති බවත්.

 ඒ වගේම දැන් මෙම ස්ථානය අයත් වන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට. එහෙම නම් මෙම ස්ථානයේ කැණීීිම් තවදුරටත් සිදු කරල, තවදුරටත් තොරතුරු මතු කරගෙන මෙම ස්ථානය තහවුරු කිරීම එම ආයතනය විසින් කළ යුතු රාජකාරියක් වනවා.

 එසේ වුවත් සමහර දෙමළ දේශපාලනඥයන් එම කැණීමට එරෙහිව හර්තාල් කළ නිසා, එම කටයුත්ත නතර කරලා තිබෙනවා. පුරාවස්තූන් පිළිබඳ කටයුත්තක් එහෙම නතර කිරීමට පුළුවන්ද? යම් දෙයක් පැහැදිලිව පුරාවස්තුවක් ලෙස පෙනෙනවා නම් එය අයිති වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. එම ආයතනය ඒ සඳහා නීත්‍යනුකූලව කටයුතු කළ යුතු වෙනවා. 

 භික්‍ෂූන් වහන්සේ නමක් පුරාවිද්‍යා ස්ථානයක ගහක් යට හරි, පැලක් ගහගෙන හරි වැඩ සිටිනවා නම් එම ස්ථානය ආරක්‍ෂා වනවා. නමුත් භික්‍ෂූන් වහන්සේ නමක් එසේ කටයුතු කළහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උන්වහන්සේව පන්නා දැමීම සඳහා නඩු දානවා. කරදර කරනවා. එසේ වුවත් කන්‍යාවලදී එම දෙපාර්තමේන්තුව එතරම් උනන්දුවෙන් කටයුතු කරන බවක් පේන්නේ නෑ.

 මේ රටේ සිංහල ජනතවට එක නීතියකුුත්, දෙමළ ජනතාවට තව නීතියකුත්, මුස්ලිම් ජනතාවට තව නිතියකුත් කි‍්‍රයාත්මක කිරීමට බැහැ. නමුත් දැන් සිද්ධ වෙන දේවලින් පෙනී යන්නේ මේ රටේ නීති 3 ක් කි‍්‍රයාත්මක වන බව තමයි. සිංහල බෞද්ධයන් සම්බන්ධයෙන් නම් හැම නීතියක්ම කි‍්‍රයාත්මක වනවා. නමුත් අනිකුත් ජනතාව තමන්ගේ මතයට, තමන්ගේ නීතියට අනුව කටයුතු කරන බව තමයි පේන්න තිබෙන්නේ. මෙම තත්ත්වය අන්තිම නින්දිත බාල වැඩක් බව සඳහන් කළ යුතුයි. ඒ පිළිබඳව ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු වනවා. 

 කන්‍යා උණු දිය ළිං අසල තිබෙන පන්සල වැනි සථාන එම ප‍්‍රදේශයේ සිය ගණනක් ලඳු කැලෑවලට යට වී තිබෙනවා. එම ස්ථානයට ආසන්නයේ පාරෙන් අනිත් පස බොරළුකන්ද කියලා ස්ථානයක් තිබෙනවා. එම ස්ථානයේ ලොකු චෛත්‍යයක් තිබෙනවා. මම එතැනට ගිහින් බලන කොට එම චෛත්‍යය හාරලා විනාශ කරලා එහි තිබුණ ධාතු කරඬුව අරගෙන. එම කරඬුවේ පියන එම ස්ථානයේ දාලා, කරඬුවේ අනිත් කොටස සහ ධාතු අරගෙන ගිහින් තිබෙනවා. ධාතු කරඬුවේ පියනේ බ‍්‍රාහ්මී අක්‍ෂර කිහිපයකුත් කොටල තිබෙනවා. එය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම ස්ථානයට ආසන්නයේ පදිංචිව සිටින දෙමළ ජාතික පවුලට එය ජාතික වස්තුවක් බවත්. එය ආරක්‍ෂා කරන ලෙසත් දැනුම් දීලා. මම ඒ පිළිබඳව නිලාවේලි පොලිසියට දැනුම් දුන්නා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් දැනුම් දුන්නා. එම නිසා කරඬුවේ පියන කොටස ආරක්‍ෂා වූවා. ඒ වගේ ස්ථාන එම ප‍්‍රදේශයේ සිය ගණනක් තිබෙනවා. එම සාධක නිසා අපට තේරුම් ගන්න පුළුවන්, අතීතයේදී සකී‍්‍රය බෞද්ධ ජනපදයක් එම ප‍්‍රදේශයේ පැවැති බව. නමුත් රාජධානිය නිරිත දිගට සංක‍්‍රමණය වීම නිසා එම ප‍්‍රදේශ වනගත වී තිබෙනවා.

 දැන් අපි එම උරුමය රැක ගැනීම සඳහා කටයුතු කළ යුතු වනවා. අපි පොළොන්නරුවේ තිබෙන ශිව දේවාලය ආරක්‍ෂා කරනවා. අපි එය ආරක්‍ෂා කරන්නේ ජාතික උරුමයක් ලෙස සලකලා. වසර 100 කට වඩා පැරණි යම් ස්ථානයක් තිබෙනවා නම්, එය පුරාවස්තුවක් ලෙස සලකලා, අපි සියලූ දෙනා විසින් ම ආරක්‍ෂා කළ යුතු වෙනවා. මේ රටේ තිබෙන පුරාවස්තු බෞද්ධ වුවත්. කි‍්‍රස්තියානි වුවත්, හින්දු වුවත්, මුස්ලිම් වුවත්, අපි ඒවා ජාතික වස්තූන් සේ සලකා ආරක්‍ෂා කළ යුතු වනවා.

 එහෙම නම් ඇයි, එම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ඔප්පු වෙලා තිබියදීත් අසිංහල දේශපාලනඥයන්ගේ හඬට බියවෙලා ප‍්‍රතිසංස්කරණය කිරීම නතර කළේ. මේ ආකාරයට කටයුතු කළොත් රුවන්වැලි මහා සෑය ළඟට ඇවිත් තර්ජනය කළොත්, එම ස්ථානය් වැඩ සිටින හාමුදුරුවන්ටත් යන්න වෙනවා. ඒ වගේම කෝවිල්වල කරන පුදපූජාත් එම ස්ථානයේ කරන්න දෙන්න වෙනවා.

 එම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් තමන්ට අයිති නීතිය වගකීම නිසි ලෙස ඉටු කළ යුතුයි. පුරාවිද්‍යා නීතියට අනුව වසර 100 කට වඩා පැරණි ඕනැම දෙයක් එම දෙපාර්තමේන්තුව සතු කර ගැනීමේ නීතිමය හැකියාව තිබෙනවා. නමුත් මට දැනගන්න ලැබිල තිබෙනවා. කන්‍යා උණු වතුර ළිං ළඟ තිබෙන පුරාවස්තූන් ගවේෂණය කිරීමත්, තහවුරු කිරීමත් එම දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව.

 දේශපාලනඥයනුත් තේරුම් ගත යුතුයි පුරාවස්තූන් තමන්ගේ ආගමට අයිති නොවුණත් ජාතික වස්තුවක් සේ සලකා ආරක්‍ෂා කිරීමට පාකිස්ථානයේ බෞද්ධ නටබුන් විශාල ප‍්‍රමාණයක් තිබෙනාව. ඒ රට මුස්ලිම් රටක් වුවත් එම නටබුන් තහවුරු කරන්න, ප‍්‍රතිසංස්කරණය කරන්න, ආරක්‍ෂා කරන්න, පුරාවස්තු ලෙස නම් කරලා ප‍්‍රසිද්ධ කිරීමට කිසිම තහනමක් නෑ. නමුත් මේ රටේ බහුතර ජනතාව බෞද්ධයන් වුවත් ඒ ආකාරයට කටයුතු කිරීමට බෑ. ආණ්ඩුව වුවත් දැනගන්න ඕනි තමන්ගේ වගකීම යුතුකම ඉෂ්ට කිරීමට ඡන්දයට යට වෙලා බලූ වැඩ කරන්නේ නැතිව.

 දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදී කරන්නෙත් ඒ ටිකම තමයි. එම සන්ධානයේ මන්තී‍්‍රවරයකු එක් අවස්ථාවකදී පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා දකුණේ සිංහල මිනිසුන් උතුරට සහ නැගෙනහිරට ගිහින් දෙමළ මිනිසුන් පන්නා ගම්මාන හදන බවත්, හාමුදුරුවරු ගිහින් කෝවිල් කඩල පන්සල් හදන බවත්. මම එම අවස්ථාවේදී විමසා සිටියා එහෙම කරලා තිබෙන එක ස්ථානයක් පෙන්වන්න කියලා. නමුත් ඔවුන් බිම බලාගෙන සිටියා මිසක් කිසිවක් ප‍්‍රකාශ කළේ නෑ.

 ඔවුන් එහෙම ප‍්‍රකාශ කළත්, පන්සල් කඩල කෝවිල් නම් හදල තිබෙනවා. නමුත් කනගරායන් කෝවිල, වවුන්කුලම් කෝවිල, තිරුකේතීෂ්වරන් කෝවිල, ඔඞ්ඩුසුඩාවි කෝවිල, කෝනේස්වරම් කෝවිල ආදිය හදල තිබෙන්නේ නම් බෞද්ධ සිද්ධස්ථාන උඩ. නමුත් කෝවිලක් උඩ නම් කිසිම බෞද්ධ විහාරයක් ඉදිකරලා නැහැ. එසේ වුවත් දෙමළ නායකයන් සිංහල බෞද්ධයන් වැරදි වැඩ කරන පුද්ගලයන් ලෙස ලෝකය හමුවේ ප‍්‍රචාරය කරනවා.

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ රටේ පුරාවස්තු පිළිබඳව වගකීමට නිත්‍යානුකූලවම බැඳී සිටිනවා. එම නිසා කන්‍යා පුරාවස්තු තවදුරටත් කැනලා තහවුරු කන්න. ආරක්‍ෂා කරන්න කටයුතු කරන්න ඕනි. එම ස්ථානයේ සෙල්ලිපි 3 ක් තිබෙනවා. ඒවා කියවලා ප‍්‍රචාරය කරන්න ඕනි.

 සාම ගිවිසුම පැවැති කාලයේදී එම ස්ථානයේ තිබුණු පුරාවස්තු විශාල ප‍්‍රමාණයක් විනාශ කරලා තිබෙනවා. එම සිදුවීම්වලින් පැහැදිලි වනවා එම ප‍්‍රදේශයේ තිබෙන පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශ කරලා එම ප‍්‍රදේශයේ බෞද්ධ සලකුණ මකා දැමීමේ සාහසික වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වන බව. එයට ඉඩ දෙන්න බෑ. දෙමළ සන්ධානයට පැහැදිලිව කියන්න ඕනි අපේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමට එන්න එපා කියලා. දෙමළ සන්ධානය ඔය විදියට කටයුතු කළොත් මීළඟ ප‍්‍රභාකරන් බිහිවෙන්නේ සිංහල ජනතාව අතරින්. එහෙම දෙයකට ඉඩ නොතබා අපේ පෞරාණික සිද්ධස්ථාන අපි සියලූ දෙනා විසින්ම ජාතික උරුමයන් සේ සලකා ආරක්‍ෂා කිරීමට කටයුතු කළ යුතුයි. එම වගකීම භාරව සිටින දෙපාර්තමේන්තුවත් තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
– Divaina –

Related posts

අන්ධ භක්තියට මිනිස්කම යටවූ, අශිෂ්ඨත්වයේ කතාව තව්හිද් ජමාත්ලාගේ කටින් පැන්නේ මෙහෙමයි (Video)

colombotoday

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය දැනුම්දෙයි

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin

ජවිපෙ 20ට අපි එකහෙළාම විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

colombotoday