Colombo Today Local News

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කරයි.

අද වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 104 දෙනෙක් වාර්තා වී ඇතැයි ද දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය පවසයි.

එයින් වැඩිම ආසාදිතයින් ගණනක් ලෙස ආසාදිතයින් 26 දෙනෙක් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා,

“ඒ වගේම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 14 දෙනෙකුත්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 දෙනෙක් හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 12දෙනෙකු වශයෙන් ප්‍රධාන වශයෙන් අපිට වාර්තා වෙලා තියෙනවා. බුලත්කොහුපිටිය සහ මාවනැල්ල කොට්ඨාසවල ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් අපිට ඉල්ලීමක් ආවා තත්ත්වය ටිකක් ව්‍යාප්ත වෙලා යන තත්ත්වයක් තියෙන නිසා නිරෝධායන ඇඳිරිනීතිය පනවමු කියලා. අපි ඒ සම්බන්ධව මේ වන විට ජාතික කමිටුව සඳහා හා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ඉහළ මට්ටමින් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. පොලීසියෙන් ඉල්ලීමක් කළා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ සීමාවට එන පිරිස සීමා කරන්න වැඩපිළිවෙලක් ගන්න කියලා. ඒ වගේම දිස්ත්‍රික් කමිටුවෙන් අපි ගත්තා සියලුම නිවාඩු නිකේතන සහ නවාතැන්පොළවල් වසා තැබීමටත් තීරණයක්. ඒ වගේම නිරෝධායන ප්‍රදේශ සහ රෝගීන් වැඩිවශයෙන් වාර්තා වු ප්‍රදේශවල සතිපොළවල් පැවැත්වීමත් නැවත දැනුම්දෙන තුරු තාවකාලිතව අත්හිටුවීමටත් කටයුතු කළා.“

Related posts

“ටෝන් එක අවුල්.. කන්ටෙන් එකේ අවුලක් නෑ.. එනිසා රන්ජන් සමාවගතයුතු නෑ“ මරික්කාර්

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

colombotoday

ගාල්ලේ ශ්‍රීලනිප 10න් 3ක් කිරුළපනට

colombotoday

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin