Colombo Today Local News

කාන්තා දින තේමාව ‘තුන්කල් දකින්නී’ නොව ‘කැඳත් නැතිව තරු දකින්නී’ ලෙස වෙනස් විය යුතුයි – ගීතා කුමාරසිංහ

“මාර්තු අට වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මේ ආණ්ඩුව කාන්තාවන් නම් කරලා තිබුණේ ‘තුන්කල් දකින්නී’ කියලා. ඒ වුණාට දැන් මේ රටේ කාන්තාවන්ට තුන් කල් දකිනවා තියා කැඳවත් බොන්න විදියක් නැතිව තරු පෙනිලයි ඉන්නේ. තුන්කල් දකින්නී වෙනුවට ‘කැඳත් නැතිව තරු දකින්නී’ කිව්වා නම් වඩා හොඳයි. රනිල් මහත්තයා විතරක් නෙවෙයි. අපේ පිරිසකුත් එකතු වෙලා තමයි මේ ආණ්ඩුව ජනතාව නොමරා මරන්නේ. හැබැයි මොනව කළත් මේ ආණ්ඩුව ගෙදර යවන දිනය නම් ඉතා ළඟයි.” යනුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරිය ඒකාබද්ධ විපක්‍ෂයේ බෙන්තොට බල මණ්ඩල රැස්වීමක් අමතමින් සදහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,

තිස් වසරක යුද්ධයෙන් පසු ගතවූ වසර හයක් තුළ මේ රටේ දැවැන්ත සංවර්ධනයක් කෙරුණා. වත්මන් පාලකයන් ඒ සංවර්ධනය කාබාසිනියා කර දැම්මා. රටේ දාමරිකත්වය ඉහළ නැංවූවා. ජනතාව වෙනුවෙන් කතා කරන අය සිරගත කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

හොර අල්ලනවා කියලා බලයට ආපු මේ හොරු රැළට අපි කියනවා, පුළුවන් නම් එක රත්තරන් හොරෙක් පෙන්වන්න. එක වාහන හොරෙක් පෙන්වන්න. මේ ආණ්ඩුව තරම් සියයට සියයක් බොරු කරන, හොරකම් කරන ආණ්ඩුවක් මෙතෙක් මේ රටේ තිබුණේ නැහැ.

Related posts

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

රනිල්ට 85%ක් අරගෙන දෙනවා

Admin

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

colombotoday

“සුසිල් ප්‍රේමජයන්ත අපිව මීයන්ට ගත්තා… ශ්‍රීලනිපය දියකර දැන් පාර්ලිමේන්තු යන්න වලිකනවා” – බුද්ධදාස

colombotoday

ගාලු මුවදොර අරගලය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් – කොටුව පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්

colombotoday