Uncategorized

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට දුන් නියෝගය

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් අත්අඩංගුවේ පසු වන අතර ඔවුන්ව අද (20) දින දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරන ලෙසද මෙහිදී කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝග කලා.

එසේම සැකකරුවන් හට ජීවිත තර්ජන ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම මත ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන අතුරුගිරිය පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වී ඇති බව දැනුම්දී තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳව වැඩිදුර විභාගය සැප්තැම්බර් 2 වනදා සිදු කිරීමට නියමිතය.

Related posts

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

3 Fitness goals you need to ditch immediately, according to a pro

colombotoday

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

තැපැල් ඡන්දයට ලක්ෂ 7කට අධික පිරිසක්

Admin

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

Nissan Juke-R vs GT-R track test

colombotoday