Colombo Today Local News

“කළය හෝදන මිනිහ අතින් තමයි කැඩෙන්නේ“.. මට ඕන ඉන්න ටිකේ මහනුවරට දෙයක් කරන්නයි – ආණ්ඩුකාර මෛත්‍රී

තමා දිගටම මහ නුවර නොසිටින බවත් ඉන්න කාලය තුල මහ නුවර සංවර්ධනය සඳහා තමන්ට සිදුකල හැකි සියලු දේ සිදු කරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඊයේ (14) මල්වත්ත මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහනායක හිමි බැහැ දකිමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

වැඩක් නොකරන මිනිහට කිසිම විවේචනයක් එල්ල නොවන බව මෙහිදී සඳහන් කර සිටි මහනායක හිමි මහ නුවර සංවර්ධනය සියලු පාර්ශව සමග සාකච්චා කරමින් දිගටම සිදු කරන ලෙසත්, ආණ්ඩුකාරවරයාගේ සංකල්පයක් මත ඇරඹි “Night Market” එක දළදා වීදියේ නොව වෙනත් සුදුසු ස්ථානයක සිදු කරන ලෙසත් රථවාහන තදබදය සම්බන්දයෙන් වඩාත් සුදුසු රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසටත් උපදෙස් ලබා දෙන ලදි.

“කළය හෝදන මිනිහා අතින් තමයි මහනායක හාමුදුරුවනේ කළය කැඩෙන්නේ.” යැයි මෙහිදී ප්‍රකාශ කර සිටි ආණ්ඩුකාරවරයා “Night Market” එක පොදු වෙළඳ පොළ අසල මේ මස අවසාන සතියේ යලිත් ආරම්භ කරන බවත් නව රථවාහන සැලැස්ම ඉතාමත්ම ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු සුදානම් බවත් මහ නුවර සිදුකරන සියලු කටයුතු පිළිබඳව මහනායක හිමිවරු දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

Related posts

අද තියන්නේ සිංහල සිසුන්ට සිංහල වීම නිසා යාපනයට යෑමට නොහැකිවීම පිළිබද ප්‍රශ්නයක් !

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Admin

රට දෙකට කඩා වෙනම පාර්ලිමේන්තුවක් සහිත, ප්‍රාන්ත රාජ්‍යයක් හදන්න උතුරෙන් සම්මත වූ යෝජනාව මෙන්න

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

colombotoday