Colombo Today Local News

කහ කිලෝ 902 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම් වෙරළ තීරයේදී අත්අඩංගුවේ

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝ 902 කට අධික තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, උතුරු මැද නාවික විධානයේ නාවිකයින් මන්නාරම තල්පාඩු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.

තල්පාඩු වෙරළ තීරයට පැමිණි සැක සහිත ඩිංගි යාත‍්‍රාවක් පරීක්ෂා කිරීමේදී එම යාත‍්‍රාවේ තිබී ගෝනි 19 ක අසුරා තිබූ එම කහ තොගය සොයාගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා නිරෝධායන කටයුතු සඳහා මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත භාර දී ඇති අතර නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු ඉදිරි පරීක්ෂණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිත බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

colombotoday

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday

දරුණු අපරාධකරුවන් දෙදෙනෙකු පිරිවරා මාධ්‍ය හමුවේ…. ඇමති රාජිතට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්…

colombotoday

ගංවතුර අනතුරු ඇඟවීම්

colombotoday

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin