Colombo Today Local News

‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම  සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ අරලියගහ මන්දිරයේ ඉකුත්දා පැවැති සාකච්ඡාවෙන් පසු මෙම කමිටුව පත් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

Related posts

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10දෙනාට එරෙහිව නීතිපති විශේෂ මහාධිකරණයේ නඩු පවරයි

colombotoday

ජන ගැටළු විසදන්න ජනපති ගමින් ගමට !

colombotoday

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

Admin

කඩු, කිණිසි ආනයනය කළ සැකකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday

සිංහලයන් ගොනාට ඇන්දූ, බදුර්දීන්ගේ මරිච්චකට්ටුවේ මරිසිය

colombotoday