Colombo Today Local News

කම්කරු අණ පනත් රැසකට සංශෝධන

කම්කරු අණ පනත්වල තිබු දුර්වලතා ඉවත් කරමින් අණ පනත් රැසකට සංශෝධන ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, සේවක අර්ථ සාධක අරමුදල් පනතට අදාළ දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට එම පනත සංශෝධනය කරන බවත්, කම්කරු විනිශ්චය සභා ලබා දෙන නියෝග එම කම්කරු විනිශ්චය සභා තුළින්ම බලාත්මක කිරීමේ නීති සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම පාරිතෝෂිත දීමනා පනත ද සංශෝධනය කරමින් එම ගෙවීම්වලට අදාළ නඩු ද කම්කරු විනිශ්චය සභාවට යොමු කෙරේ.

ඊට අමතරව පඩි පාලක සභා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවක පනත සහ 2016 අයවැය දීමනා පනත යටතේ වන අයකර ගැනීමේ නඩු ද කම්කරු විනිශ්චය සභාවලට පැවරීම ද අදාළ නීති සංශෝධන ඉතා ඉක්මණින් ගෙන එන බවත් ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එසේම වෘත්තීය සමිතිවල සහ කම්කරු ජනතාවගේ දිගු කාලීන ඉල්ලීමක් වූ සේවක වන්දි ආඥා පනත යටතේ දැනට ගෙවනු ලබන රුපියල් 550,000.00ක වන්දිය, රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කිරීමටත් එම වන්දි නඩු ද විභාග කිරීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත පැවරීමට අදාළ සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම පනත් සංශෝධන කෙටුම්පත් සතියක් ඇතුළත අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබේ.

Related posts

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා දැමීම : ‘මහසොහොන්‘ නම් බලකායක් තොප්පිය දමා ගනී !

colombotoday

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

Admin

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල ‘නව ව්‍යවස්ථා මණ්ඩල ස්ථාපන යෝජනාව’ මෙන්න

colombotoday

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin

“විදෙස් ණය බර දැක්කහම දිවි නසාගන්න හිතෙනව“ – අගමැති

colombotoday