Colombo Today Local News

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අද (18) දින අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ පියාට ඊයේ (17)දින පස්වරු 6.30ට පමණ මාළිගාවත්ත සද්ධර්ම මාවතේ පිහිටි ඔහුගේ නිවස අසළ දී එලෙස තියුණු ආයුධයකින් පහර දී තිබේ.

සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ලැබූ 65 හැවිරිදි ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය

පහර දීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය සමඟ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු වන කංජිපානි ඉම්රාන් මේ වන විට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහුගේ පියා, කංජිපානි ඉම්රාන්ට ආහාර භාජනයක සූක්ෂම ලෙස සඟවා ජංගම දුරකථන 2ක් ලබා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.

Related posts

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

Admin

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin

ISIS මරණ තර්ජන හේතුවෙන් මියා කලීෆා රංගනයෙන් ඉවත් වේ

colombotoday