Colombo Today Sports News

ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලූ 3ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ පන්දුවාර 50 තුළ දී කඩුලු 7ක් දැවී ලකුණු 302ක් රැස්කිරීමට සමත් විණි.

ජොනී බෙයාස්ටෝ ලකුණු 112යි. සෑම් බිලින්ග්ස් ලකුණු 57යි. ක්‍රිස් වෝක්ස් පන්දු 39කදී නොදැවී ලකුණු 53ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රථම කඩුලු 5 ලකුණු 73කට දැවී ගොස් අසරණ තත්ත්වයක වැටී සිටින විට එක්වූ ග්ලෙන් මැක්ස්වෙල් සහ ඇලෙක්ස් කේරි 6වැනි කඩුල්ල සඳහා ලකුණු 212ක් එක් කරමින් සංචාරක කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය.

මැක්ස්වෙල් (108) සහ කේරි (106), දෙදෙනාම ශතක රැස්කිරීමට සමත් වුහ.

ඒ අනුව තරඟාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විණි. එසේම 2015ට පසු එංගලන්ත කණ්ඩායම එරට තුළදී එක්දින තරඟාවලියකදී පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

Related posts

ICCය වසරේ විස්සයි විස්ස කණ්ඩායම නම්කරයි

colombotoday

2023 “Hall of Fame” විශේෂ ගෞරව නාමය අරවින්දට

Admin

අරුණ දර්ශනගේ අවසන් පූර්ව වටය අද

Admin

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද වැඩ වර්ජනයක්

Admin

භානුක රාජපක්ෂ කැපුනේ ඇයි – ඇමති නාමල් රාජපක්ෂ හේතු කියයි

colombotoday