Colombo Today Local News

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

එක්සත් ජාතික පක්‍ෂයේ තවත් පිරිසක් සමඟි ජනබලවේගය සමඟ එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

එළඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කරමින් මෙම පිල්මාරුව සිදුවීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් මෙලෙස සමඟි ජනබලවේගයට එක්වීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සමඟි ජනබලවේගය යටතේ පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වන විටත් සිදුකර අවසන් බවත්, ඇතැමුන් සිය තීරණය එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා වෙත දැනුම්දීමට ද පියවර ගෙන ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.

Related posts

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

colombotoday

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday

විදුලි සෝපානයට හිස සිරවී එක් දරු පියෙක් මිය යයි

colombotoday

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin

මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියි

colombotoday

අලුත් බද්දෙන්, රුපියල වැටීමෙන් වාහන මිල ඩබල් වෙයි !

colombotoday