ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීම සඳහා ‘ජාතික ප්රජාතන්තවාදී පෙරමුණ’ නමින් පක්ෂයක් ළඟදීම ලියාපදිංචි කරන බවත් ඉදිරි මැතිවරණය සඳහා පුළුල් සන්ධානයකින් ඉදිරිපත්වන බවත් එජාප නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියි.
ගාලුමුවදොර පිටියේදී ඊයේ (17) පැවති ජන බල මෙහෙයුම රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉදිරියේ එන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 2/3ක බහුතර බලයක් බලාපොරොත්තුවන බව ද අගමැති රනිල් වික්රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.