Colombo Today Local NewsHot News

එජා සංවිධානය ත්‍රීමලේ නාවික කදවුරට කඩාපැන එහි වධකාගාර තිබූ බව ප්‍රකාශ කරයි

unමෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය එක්‌සත් ජාතින්ගේ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක්‌ තිබූ බවට ප්‍රකාශයක්‌ද සිදු කර තිබේ.

මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.

ලොව කිසිම රටක්‌ තම කවර හෝ ආරක්‍ෂක කඳවුරක්‌ විදේශ කණ්‌ඩායමකට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌ කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්‌ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක්‌ මතය. එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම පරීක්‍ෂාවට ලක්‌ කළේ නාවික හමුදා මූලස්‌ථානයේ පැරණි බිල්ඩිමක්‌.s මෙබඳු පරීක්‍ෂණයක්‌ තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ශ්‍රී මුඛ කතාවට සජිත් ප්‍රසිද්ධියේ සමාව ගනී !

colombotoday

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

Admin

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

ණය සහන ගන්නවා

Admin

සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හා වී භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජංගම වෛද්‍ය සායනයන් පැවැත්වීමේ කාලසිමාව දීර්ඝ කරයි

colombotoday