Colombo Today Local News

ඌව රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම්

ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප ඇතුළු සමාජ මාධ්‍ය භාවිත නොකර ජනතාවට සේවය කරන්නැයි ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය.

ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ආණ්ඩුකාරවරයා මේ බව පැවැසීය.

“ඌව කියන්නේ දුප්පත් මිනිස්සු ඉන්න පළාතක්. කාර්යාල වේලාවේදී නිළධාරීන් දුරකතනය බලාගෙන ෆේස්බුක්, වයිබර්, ඉමෝ,වට්ස්ඇප් වල ඉන්න බවට මට පැමිණිලි ලැබී තිබෙනවා.

එහෙම ඉන්නවානම් මේක කරුණාකරලා නතර කරන්න. රාජකාරී වේලාවේදී පෞගලික කටයුතු කරන්න එපා. අහිංසක ජනතාවගේ බදු මුදලින් තමයි අපි පඩි ගන්නේ රාජකාරී කරන වේලාවේදී රාජකාරිය හරියටම කරන්න”

Related posts

එළවළු මිල යලි ඉහළට

Admin

ගංඟා වල ජල මට්ටම් ඉහළට

colombotoday

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

Admin

ලාල්කාන්ත මහනුවරින් තරග කිරීමට යයි

colombotoday

සරත් විරසේකරට විමල් වීරවංශ පරදින ලකුණු

colombotoday

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin